ශ්‍රීලනිප ලේකම්ට බාධා එපා දයාසිරිට පැනවූ වාරණය දික් කරයි

63

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට එම ධුරයේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් එම පක්ෂයේ හිටපු මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාට නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

එදින එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට ද ප්‍රධාන දිසා විනිසුරුවරයා වගඋත්තරකාර දයාසිරි ජයසේකර මහතාට වැඩිදුරටත් නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන හා වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුන් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා පසුගිය අටවැනිදා එම වාරණ නියෝගය මුල්වරට නිකුත් කොට තිබිණි. එයට අමතරව එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම වළක්වාලමින් ද එදින තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment