නැෂනල් සුපර් ලීග් කුසලාන යාපනයට ද මහනුවරට ද තීරණය අද

185

නැෂනල් සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අතර අද (19 වැනිදා) පැවැත්වෙයි.

මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනය දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 02:30 ට ආරම්භ වීමට නියමිතය.

අදාළ තරඟාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත් වූ මෙම කණ්ඩායම් දෙක ජයග‍්‍රහණ 6 සහ 5 බැගින් වාර්තා කර තිබේ.

නැෂනල් සුපර් ලීග් කුසලාන යාපනයට ද මහනුවරට ද  තීරණය අද

මහනුවර කණ්ඩායම තරග 8කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 30ක් ලබා ගෙන එහි පළමු ස්ථානයට පත් වී සිටින අතර යාපනය කණ්ඩායම තරග 8කට සහභාගි වී තරග 5ක් ජය ගෙන ප‍්‍රසාද ලකුණු 22ක් ලබා ගෙන තිබේ.

ගාල්ල කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 17ක් ද, කොළඹ කණ්ඩායම ප‍්‍රසාද දකුණු 14ක් ද තරගාවලිය පුරා එක් තරගයක් පමණක් ජයගත් දඹුල්ල කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 7ක් ද ලබා ගෙන තිබේ.

යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ලකුණු 461 ක් ලබා ගෙන තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස ඉහළට පැමිණ සිටින අතර පුලින තරංග කඩුලූ දහඅටක් ලබාගෙන තරගාවලියේ වැඩිම කඩුලූලාභියා ලෙස වාර්තා පිහිටුවීමට සමත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment