යෞවනියන්ට බැල්ම හෙළන කළු කුමාරයා

1007

පෙරේත, භූත, පිශාච, කුම්භාණ්ඩ යනාදි අමනුෂ්‍යයින් සක්‍රීය වන්නේ සූර්යයා අවරට යැමත් සමගය. ගුප්ත විද්‍යා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ හා පැරැන්නන් කියනා පරිදි තම හස්තයේ රේඛා නොපෙනී යන යාමයේ ගස්වල මල් පත්‍ර පලතුරු නටු නාරටි නොපෙනී යන යාමයේ මෙකි භූත යක්‍ෂාදී අමනුෂ්‍යයින් සූර්්‍ය උදාවත් සමඟ සැඟව සිට අඳුරු ගල්ගුහා, ලඳූ කැලෑ, ගොම්මන්, සොහොන්, පර්වත යනාදී පාළු ගුප්ත ස්ථානවලින් නික්මී මනුෂ්‍යයන්ට නොපෙනෙන වේෂයෙන් ගස්වැල්වල එල්ලී හෝ පාවෙමින් හෝ බිමින් එහා මෙයා යමින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගනු වස් හැසිරෙතැයි විශ්වාසයක් පවතී.

දහවල් කාලයේ හරියටම මධ්‍යහ්න 12ට ද, රාත්‍රියේ නම් මහ රෑ 12 ට ද පාළු ඇළ, දොළ, ගංගා, දිය කඩිති, ළිං, පොකුණු ද, තුන්මං හන්දි, කැලෑ රොදවල්, ගොම්මන් යනාදියෙහි හිඳ එකී ස්ථාන කරා එන්නවුන්ට වින කටිති. නව යොවුන් වියට එළඹි මල්වර යුවතියන් හවස් ජාමයේ තනි පංගලමේ ගෙදරින් පිට යෑම, සවස ස්නානය කිරීම, වතුර රැගෙන ඒමට යෑම, දර කැඩීමට, පළවැල නෙළීමට යැම, කඩමණ්ඩියට යෑම ආදිය නිසා කළුකුමාර දෝෂාදී යන විවිධාකාර අමනුෂ්‍යයින්ගේ දෝෂ යුවතියන් හට ළඟා විය හැකිය. කුඹුරු අස්වැන්න නෙළා ගෙට ගත් කල යුවතියන්ට එකී භූමිය අකැප යැයි කියවේ. තුන් මසක් යනතුරු ගොයමේ ගන්ධයට කළුකුමාරයා වහ වැටි එහි හිඳ සිත්ගත් යුවතියන්ට ඇල්ම බැල්ම දමන බැවිනි.

කළු කුමාරයා යනු යක්‍ෂයෙකි. යක්ඛ සමාගමේ යාවජීව සාමාජිකයෙකි. කළු කුමාර දේවතාවා යනුවෙන් ද හඳුන්වයි. ගුප්ත විද්‍යාවට අනුව මොහුට අත් සතරකි. එක් අතක කඩුවක් ද, තවත් අතක කුකුළු (කළු) බිල්ලක් ද, තවත් අතකින් බිළිඳු ශරීරයක් ද, ඉතිරි අතින් එවැන්නක්මද දරනු ලබයි. මිනිස් වාහනයක් පිට නැගි දිව්‍යාංගනාවන් දෙදෙනෙක් ඔහුගේ දෙපසිනි. කකුසඳ බුදුරදුන් සමයේ නාපාල නුවර රජකම් කළ නාපාල රජුට දාව මුර්තුමාල බිසවුන් වහන්සේ කුසින් ජනිත වී ඇත. යම් තැනක චන්‍ද්‍රපද්ම නුවර රජ කළ චන්‍ද්‍රපද්ම රජුගේ දේවියගේ කුසින් ඉපදී ඇති බව සඳහන් වේ.

යුවතියන්ට නිදියහනේදී සිහිනයක් මගින් මුණගැසේ. කළු පැහැතිය. කඩවසම්ය. දුටුවන් ප්‍රිය උපදවයි. යුවතියන් දන්නා හඳුනන හිතවතුන්ගේ වේශයෙන් මෙන්ම සුනඛ වෙස් ගෙන ද ඇතැම් විට පැමිණේ. මීට භූත විද්‍යාවේ කළු කුමාර දෝෂය යැයි පැවසේ.

තරුණියන්ගේ සයනයට හීනෙන් එන කළු කුමාරයා එම තරුණියන් සමඟ හිරු උදාවන තුරු ලිංගිකව හැසිරේ. සතියකට දින එකක් දෙකක් සිහිනෙන් පැමිණ සංවාසයේ යෙදෙන බවත්, සිහිනෙන් ලබන මෙම ලිංගික ආශ්වාදයට යුවතියන් ප්‍රියතාවක් දක්වන බවත් නොරහසකි. පිරිසිදු දැකුම්කළු යුවතියන්ට ඔහු ප්‍රිය කරයි. සවස් කාලයේ දිගු වරලස කඩා මුදාහැර සුවඳ විලවුන් ඉස හිඳිනා යුවතියන්ට කළු කුමාර දිෂ්ටිය යොමු වේ. ඔසප් රුධිරයට ඔහු අකමැතිය. එවැනි කාලවලදී ඔසප් චක්‍රය අක්‍රමවත් කර ඔසප් දෝෂ ඇති කරවයි. යටිබඩ කැක්කුම්, ඇඟ පතෙහි රුදාවේදනා, දැවිලි, පිච්චිලි ගතිය, ආහාර අරුචිය, නින්ද නොයෑම, අලස බව ඇති කරවයි. නිතර කෝපය ඇති කරවයි. ගැබිනියක් නම් ගබ්සා ඇති වේ. අවලක්‍ෂණ, මන්ද මානසික විකෘතිතා සහිත දරුඵල ඇති වේ.

මල්වර යුවතියන්ට, ගර්භණී කතුන්ට, බිළිඳියන්ට කේන්දරයේ රජ පක්‍ෂියා දුර්වල අවධියේ හා සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලයේ කළු කුමාර දෝෂය බලපානු ලබයි. තද ගති ඇති චණ්ඩ පරුෂ රෞද්‍ර ගති පැවතුම් ඇති ගැබිනියන්ට කළු කුමාර බැල්ම විශේෂයෙන් බලපානු ලබයි. අපේ පැරණි මව්වරුන් ගර්භණී කතුන්ට රෞද්‍ර නොවී මෛත්‍රී සහගත සිතින් කල් යවන ලෙස අවවාද දුන්නේ එබැවිනි. විවාහක යුවතියන්ට කළු කුමාර දෝෂය ඇත්නම් දරුඵල හීනවීම, වඳ භාවයට පත්වීම, පුත්‍රඵල නොදරා ස්ත්‍රී දරුඵල පමණක් පිහිටීම, ගර්භාෂගත රෝග ඇතිවීම විශේෂයෙන් බලපානු ලබයි.

කළු කුමාර දෝෂය පවතින විට විවාහ ජීවිත බිඳ වැටේ. අසාර්ථකය. ස්වාමියාට තම භාර්යාව අවලස්සනව නොරුස්සුම් සහගතව පෙනීමත්, ඇය කෙරෙහි ලිංගිකව එක්වීමට ආශාවක් ඇති නොවීමත් සිදු වේ. එසේම භාර්යාවට ද ස්වාමියා පෙනෙන්නට බැරිය. නයයි මුගටියයි මෙනි. නිතරම ස්වාමියාගේ වැරදි පෙන්වා දෙමින් ඔහු පිළිකුලින් යුතුව බැහැර කරයි. එසේම ස්වාමියාගේ යම් ආකාරයේ නොමනා හැසිරීමක් වේද ඒවා සිහිනෙන් බිරිඳට කියයි.

අවිවාහක යුවතියන්ට නම් කළු කුමාරයා බැල්ම හෙළන විට විවාහ ප්‍රමාද වෙයි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහී ආකර්ෂණය අඩුවෙයි. නින්දෙන් දඟලයි. අනුරාගී කෙඳිරිලි නගයි. නින්ද නොයයි. ඇඳුම් උනා දමයි. ඇඟපත දැවිලි, පිච්චිලි රුදා වේදනා ගෙන දේ. වෙහෙසකර බවක් දැනේ. අලසය. ශරීරය අප්‍රාණික කරයි. වරින්වර ලෙඩ රෝග මතු කරයි. මෙම කාල වකවානුවේ කෙතරම් ප්‍රතිකාර බෙහෙත් කළත් අහන්නේ නැත. යටිබඩ, කලවා, කොන්ද, තුනටිය, යෝනි, පයෝධර ආදී ලිංගික රහස් ප්‍රදේශයන් හි රුදා වේදනා ගෙන දේ. යෝනි ස්‍රාව දුඟදින් පිට වේ. ඇටමිදුළු හන්දිපත් වේදනා ඇති වේ. විවාහ යෝජනා සම්බන්ධයන් ප්‍රතික්‍ෂේප කරයි. ක්‍ෂණිකව කෝප ගති ඇති වේ. ලේ ධාතුව දුර්වල වී ශරීරය අප්‍රාණික කරයි. අධ්‍යාපනය ලබන දැරියන්ට නිදිමත ගතිය, කම්මැලි ගතිය මතු කරයි. අනුරාගී හැඟීම්වලට වහල් වේ. බිළිඳියන්ට කිරි වමන අජීර්ණ අමියා, නින්දෙන් බියවීම වැනි තත්ත්වයන් ඇති වේ. අසාමාන්‍ය ලෙස නිතර හඬයි.

මෙකී තත්ත්වය දිගු කාලීනව නිසි ශාන්ති කටයුතු නොකර තිබීමෙන් පියයුරු ප්‍රධාන ශරීරය කෘෂ වී දිරාපත් වී මරණය දක්වාම අසාධ්‍ය විය හැකිය. මෙකි කළු කුමාර දෝෂය බටහිර වෛi ප්‍රතිකර්ම කෙතරම් කළත් සුව කළ නොහැක. ඊට නිසි සෙත් ශාන්ති කර්ම කළ යුතුමය.

කළු කුමාර දෝෂය සඳහා සිංහල බෞද්ධ ඇදුරන් මෙන්ම පැරැන්නන් ද අනුගමනය කළ විධි, කෙම් ක්‍රම රාශියකි. ඊට ගුප්ත විද්‍යාවේ දැක්වෙන කළු කුමාර පිදේනි තටු සහිත මහ සොහොන් තොවිල් ශාන්ති කර්මය සිදුකිරීම ගුණාදායකය. තව කෙම් ක්‍රමයන් ලෙස රාත්‍රි නින්දට යන විට පිරිමි වස්ත්‍රයක් ඇඟ දවටා ගැනීම, යකි නරාං කොළවලින් සැදූ වැලක් රෝගී යුවතියගේ ඉණ වටා බැඳීම, යකි නාරං කොළ නිදන කොට්ටය යට තබා නිදා ගැනීම, පුරුෂයින්ගේ හැඳි සරමක් ඉහ ඉද්දර තබා ගැනීම සඳහන් කළ හැකිය. රෝගී ස්ත්‍රියගේ ජන්ම නැකතට, ලග්නයට, නමට සීහුම් වන පරිදි නිවැරදි ජ්‍යොතිෂ ගුප්ත විද්‍යානුකූලව ප්‍රවීණ ඇදුරුතුමකු ලවා මහා අභිසම්භිධාන යන්ත්‍රය මහා සබ්බ පාපස්ස යන්ත්‍රය වැනි බුදු ගුණ යන්ත්‍රයක් ද, කළු කුමාර යන්ත්‍රය ද රෝගී යුවතියන්ගේ ඉණ හෝ කර පැළඳීම අතිශයින්ම යහපත් වෙන්නේය. කුඩා බිළිඳියක නම් යන්ත්‍රය නිදන කොට්ටය යට තබන්න.

ජ්‍යොතිෂ – ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද
දු.ක.අ 0779508443

advertistmentadvertistment
advertistmentadvertistment