මාලිමාවෙන් දිස්ත්‍රික්ක 4 කදී මැයි රැලි

231

ලෝක කම්කරු දිනය එළඹෙන මැයි මස 01 වෙනිදා ‘රට හදන විසඳුමට ජනබලය එක පෙළට’ මැයෙන් ජාතික ජනබලවේගය මගින් සංවිධානය කරනු ලබන මැයි රැලි කොළඹ, අනුරාධපුර, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට තීරණය කර ඇත.

අනුරාධපුර මැයි පෙළපාලිය එළඹෙන 01වෙනිදා සවස 2.00 ට අනුරාධපුර ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය අසලින් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ සඳහා අනුරාධපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජනතාව සහභාගි වීමට නියමිතව ඇති අතර එදින සවස 3.30 ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී මැයි දින රැලිය ආරම්භ වීමට නියමිතය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment