ඩොලරය උඩ යයි

228

රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යමින් ඊයේ (22 දා) ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 302.00 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය මෙලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ 5 වන දිනයට වීම විශේෂත්වයකි.

මේ අතර ඊයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.00 ක් හා විකුණුම් මිල රු. 306.45 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් 10 දා පැවසුවේ 2024 වසරේ අප්‍රේල් 10 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.5කින් ශක්තිමත් වී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ශක්තිමත් වීමේ අගය ඉකුත් අප්‍රේල් 19 වන විට සියයට 7.5 ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment