උතුරේ තල් කුරුම්බා වසන්ත උළෙලක්

71

උතුරේ තල් කුරුම්බා වාරය පැමිණීමත් සමගම තල් කුරුම්බා වසන්ත උළෙලක් වවුනියාවේදී 21 දා පැවැත්වුණි.

තල් කුරුම්බා පිළිබඳව වත්මන් ළමා ්පරපුරට අවබෝධයක් නොමැති නිසා වවුනියාව විශ්වවිද්‍යාලයේ සිසුන් හා තවත් සංවිධාන කීපයක පිරිස් විසින් මෙම උළෙල සංවිධානය කොට තිබුණි.

මෙහිදී තල් කුරුම්බා බීම පමණක් නොව ඉතිරි වන තල්ගෙඩි කොටස් වලින් තල් කරත්ත, තල් පිරමීඩ,තල් බඹර, තල් කොළ සැරසිලි වැනි දේ නිර්මාණය කිරීමට ද ළමුන් උනන්දු කළ අතර ඒ සඳහා ද ඊට සහභාගී වූ ළමයින්ට ත්‍යාගද පිරිනමනු ලැබීය.

තල්ගෙඩියේ ළා පදමේ කුරුම්බා පානය ශරීරයේ දාහය නිවීමට මෙන්ම ශක්ති ජනක ඖෂධයක් ලෙස ද උතුරේ වැසියෝ අනාදිමත් කාලයක සිට භාවිත කරති.

මේ දිනවල උතුරු ප්‍රදේශයේ පවතින දැඩි අව්රශ්මිය නිසා තල් කුරුම්බා මාර්ග දෙපස ගෙඩියක් රුපියල් 100 බැගින් අලෙවි කෙරෙන ආකාරයක් ද දැකිය හැකිය.

තල් කුරුම්බා අධික සීතලෙන් යුත් ආහාරයක් නිසා දාහය නිවා ගැනීමට ජනතාව තල් කුරුම්බා වැඩි වශයෙන් තල් කුරුම්බා පානය කරති.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment