පාකිස්තාන කුඩු බෝට්ටුව ලංකාවට එද්දී ඉන්දියාවෙන් අල්ලයි

333

ඇතුළේ කෝටි 2000ක හෙරොයින් සමග පාකිස්තානුවෝ 14ක්

ඉන්දීය රුපියල් කෝටි 600ක් වටිනා හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාව බලා රැගෙන යමින් තිබූ පාකිස්තාන ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය සමත්වී තිබේ.

අල් රාසා නම් මේ පාකිස්තාන යාත්‍රාවේ සිටි සියලුදෙනා බලුකිස්තාන් ප්‍රාන්තයේ පුද්ගලයන් බව ඉන්දීය මාධ්‍ය කියයි.

මෙම යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් තිබී ඇති අතර ඒවා පාර්සල් 78ක අසුරා තිබී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙරට මුදලින් කෝටි දෙදහසකට අධිකය. ගුජරාට් පොලිස් ප්‍රධානි විකාශ් සහායි පවසන්නේ මේ මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත නොව ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබූ බවයි.

ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය සිදුකළ මෙහෙයුම සඳහා නිරීක්‍ෂණ ගුවන්යානා පවා යොදාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයන් පිරිස ගුජරාට් ප්‍රාන්තයේ පොර්බාහිදර් වෙත රැගෙන විත් තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment