බදුල්ලේ මීදුමෙන් ගමනා ගමනයට බාධා

31

බදුල්ල මීගහකිවුල පිටමාරුව හරහා මඩොල්සිම දක්වා වූ ප්‍රධාන මාර්ගයේ වැවතැන්න රෝබේරිය එලමාන හා ඒ අවට ප්‍රදේශවල ඊයේ (25 දා) උදෑසන සිට ම දැඩි මීදුම් තත්ත්වයක් පැවැතිණි.

මේ හේතුවෙන් බස් රථ රියැදුරන් ඇතුළු මාර්ගය පරිහරණය කරන්නෝ දැඩි අපහසුතාවට පත්වූහ.

පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (25 දා) උදෑසන සිට ම වරින් වර ප්‍රදේශය හරහා දැඩි මීදුමක් හමා යමින් පැවැති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

මාර්ගයේ පවත්නා මීදුම් තත්ත්වයත්, ලිස්සනසුලු ස්වභාවයත් නිසා ප්‍රවේශමෙන් රථ රථවාහන ධාවනය කරන්නැයි ප්‍රදේශයේ පොලිස් රථ වාහන අංශය මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන් ගෙන් ඉල්ලා සිටිති.

පවත්නා මීදුම එම ප්‍රදේශයන්හි තේ දලු නෙළීමේ කටයුතුවලට ද බාධාවක්ව ඇත.

කන්දකැටිය ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment