අර්බුදයට විසඳුම් නෑ – තිරුක්කෝවිල් රෝහලෙන් GMOA වෛද්‍යවරුන් ඉවත් කර ගනී

211

පසුගියදා එල්ලවූ මැර ප්‍රහාරයක් නිසා අනාරක්ෂිත වූ තිරක්කෝවිල් මූලික රෝහලේ අර්බුදකාරී තත්ත්වයට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඉවත්කර ගැනීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ වගකීම බලධාරීන් භාර ගත යුතු බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පසුගිය 11 දා තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසල් සිසුවකු මැරතන් තරගයක් අතරතුරදී මියයෑමත් සමඟ සංවිධානාත්මක පිරිසක් නොසන්සුන්තාවක් ඇති කරමින් රෝහලට පහරදී අලාභ හානි සිදුකර එහි වෛද්‍යවරුන්ට තර්ජනය කර තිබිණි.

එම සිද්ධියට සති දෙකක් ගතව ඇතත් වගකිවයුතු පාර්ශ්ව ඒ වෙනුවෙන් මෙතෙක් නීති පියවර නොගැනීමට විරෝධය පළ කරමින් අද (26 දා) උදෑසන 8.30 සිට කල්මුනෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට අයත් රෝහල් සියල්ලේම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment