සෞඛ්‍ය වෘත්තීය සමිති 8 දා දවස පුරාම වර්ජනයේ

113

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ලබන සිකුරාදා (8දා) එක්දින වැඩවර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

වෘත්තීය සමිති 40 ක සහභාගීත්වයෙන් 08 වැනිදා දවස පුරා සේවයෙන් ඉවත්වී සිටීමට අමතරව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද රට පුරා කි‍්‍රයාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය මහතා පැවසීය.

කොවිඞ් වසංගතය අවසන් වන තුරු රුපියල් 7500 දීමනාව ලබානොදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම, බහුකාර්ය සංවර්ධන බළකා සේවකයන් සෞඛ්‍ය ආයතනවලට අනුයුක්ත කිරීම නතර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම එක්දින වැඩවර්ජනය සිදුකරන බවද රත්නපි‍්‍රය මහතා කීය.

චමින්ද සිල්වා, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment