අයි.ආර්.ඕ. සංවිධානයෙන් තවත් 8 දෙනකුට ජපන් වරම්

247

නොමිලේ ජපානයට මෙරට ශ්‍රමිකයන් යවනු ලබන අයි.ආර්.ඕ. වැඩසටහනින් තවත් තරුණියන් 8 දෙනකු ජපානය බලා පිටත්කර යැවීමට කටයුතු කෙරිණි.

ජපානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සබඳතා සංවිධානය වන අයි.ආර්.ඕ. (IRO International Relations Organization) විසින් ශ්‍රී ලාංකික පුහුණු / නුපුහුණු ශ්‍රමිකයන් එරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු ලබයි.

IRO ආයතනය විසින් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා උදාකර දී ඇති අතර ශ්‍රී ලංකාවේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතු සඳහා ජපාන නියෝජිතයන් සෘජුව සම්බන්ධ කරදීම ද සිදුකර තිබේ. ඔැජයබසජ්ක ෂබඑැරබ ඔර්සබසබට ඡරදටර්පපැ යටතේ ජපානයට ගෙන්වා ගැනීමට තෝරාගත් තරුණියන් 8 දෙනෙක් සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීම කොළඹ ගංඟාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි.

මෙම වැඩසටහන යටතේ ජපානයට යවන තරුණ තරුණියන් සඳහා සියලු පහසුකම් ජපාන ෂඍධ ආයතනය මගින් සපයනු ලබයි. ගුවන් ටිකට්පත් ඇතුළු සියලු දේ නොමිලේ සැපයීම විශේෂත්වයකි.

ගංගාරාම විහාරස්ථානයේදී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්ගේ ආශිර්වාදය ලබාගත් මෙම තරුණියන් මෙම සතියේ දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment