1/3ක් දැනටමත් ප්‍රතිලාභීන්ට අහිමිවෙලා-රාසමානික්කම්

176

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට බලපෑමක් සිදුවන්නේ නම් තමන් ඊට විරුද්ධවන බව දමිළ ජාතික සන්ධානය පවසයි.

ජනාධිපතිවරයා සමග පෙරේදා (28 දා) පැවැති සාකච්ඡාවකින් අනතරුව මාධ්‍යට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍ය රාසමානික්කම් මහතා, ප්‍රකාශ කළේ අදාළ අරමුදල්වලින් මේ වනවිටත් තුනෙන් එකක ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ට අහිමිව ඇති බවයි.

බිලියන දෙකහමාරක සක්‍රීය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදලේ කොතරම් මුදල් ප්‍රමාණයක් රජයේ ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ අහිමි වේදැයි අපට කියන්න බැහැ. රටේ පවතින උද්ධමනය සහ රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙම අරමුදල්වල සැලකිය යුතු මුදලක් ප්‍රතිලාභීන්ට අහිමිව තිබෙනවා. මින් එහා ගොස් අරමුදල්වල පවතින මුදල්වලින් තව කොපමණ ප්‍රමාණයක් අහිමිව යාද කියා අපට නිශ්චිත නැහැ. ඒ නිසා අපි මෙයට විරෝධය පළ කරනවා යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment