නෙස්ටොමෝල්ට් වට පාපැදි සවාරිය 50ට වැඩි ශූරයා ප්‍රසන්න මැඩොන්සා

81

නෙස්ටොමෝල්ට් වට පාපැදි සවාරියේ වයස අවුරුදු 50ට වැඩි ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ප්‍රසන්න මැඩොන්සා සමත්විය. ඒ කිලෝමීටර් 28කින් යුක්ත එම ඉසව්ව මිනිත්තු 45.12කින් නිමාවට පත් කරමිනි.

 එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට කැළණි පාපැදි සමාජයේ ඩබ්ලිව්. රෝහිත සමත්විය. තෙවැනි ස්ථානය කැළණි පාපැදි සමාජයේ එරික් ඉරාන් පෙරේරාට හිමි විය.

 ශ්‍රී ක්ලින්ග්ස් සමාජයේ ඇන්තනී ඩයස් එම ඉසව්වේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර කදිරාන ස්පීඩ් පාපැදි සමාජයේ ටෙරන්ස් කින්සන් පස්වැනි ස්ථානව දිනා ගැනීමට සමත් විය.

 නෙස්ටොමෝල්ට් වට පාපැදි සවාරිය පසුගිය මස 22 වැනිදා කොළඹ විහාරමහදේවී උදයානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.

advertistmentadvertistment
advertistmentadvertistment