ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත අවසන් මහා තරගය අද

247

ශ්‍රී ලංකා කාන්තාවෝ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබති
විස්සයි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය

එළඹෙන පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙරේදා (05 වැනිදා ) සමත් විය.

තරගාවලියේ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පෙරේදා රාත්‍රී පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ සඳහා සුදුසුකම් කීහ.

ඒ අනුව සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතය.

පෙරේදා (05දා) පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් අයර්ලන්තය පරදා කඩුළු 8 ක ජයක් ලබාගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වූයේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර අද පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය එම කණ්ඩායම් දෙකට ලෝක කුසලාන තරගාවලියට පිවිසීමට බලපෑමක් ඇති නොකරයි.

පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 03 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

අබුඩාබි හිදී පැවති ශ්‍රී ලංකාව සහ එ.අ.එමීර් කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කළහ.

ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න එහිදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුනු 24 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එ.අ.එමිර් රාජ්‍ය කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල වුවද ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134 ක් පමණි. එහිදී එ.අ.එමීර් නායිකා ඒෂා ඔසා පන්දු 44 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 66 ක් රැස් කළාය.

එහිදී පන්දුවෙන්ද දස්කම් දැක්වූ චමරි අතපත්තු කඩුළු 2 ක් දවා ගැනීමට සමත්වූවාය.

තරගයේ වීරවරිය සම්මානය පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ ඒෂා ඔසාට හිමි වූ අතර ඇය පන්දු යැවීමෙන් කඩුළු 2 ක් දවා ගැනීමට සමත්වූවාය.

මෙම ජයග්‍රහණයත් සමගින් අපරාජිතවම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment