දින 21ක් පුරා ඇමෙරිකාවේ පැවැති Beauty of Sri Lanka සාර්ථකව නිමා වේ

236

ලොස්ඇන්ජලීස් හි ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය මගින් සිව්වන වරටත් සංවිධානය කර පවත්වනු ලබන Beauty of Sri Lanka ඡායාරූප ප්‍රදර්ශනය අති සාර්ථකව ඇමෙරිකාවේදී අවසන් වූ බව සංගමය පවසයි.

දින 21ක් පුරා ඇමෙරිකාවේ පැවැති Beauty of Sri Lanka සාර්ථකව නිමා වේ

අදියර තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ පළමු අදියර හා සමාරම්භක උළෙල පසුගිය අප්‍රේල් 20-21 දෙදින කැලිෆෝනියා විශ්වවිiාලයේදී පැවැති අතර, දෙවැනි අදියර යටතේ ප්‍රදර්ශනය ඉකුත් අප්‍රේල් 24-25 දෙදින නිව්යෝර්ක් හිදී පැවැත්විණි.

දින 21ක් පුරා ඇමෙරිකාවේ පැවැති Beauty of Sri Lanka සාර්ථකව නිමා වේ

ප්‍රදර්ශනයේ තෙවැනි අදියර පසුගිය මැයි 04 වැනිදා වොෂිංටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවතියේ නරඹන්නන් 5000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් හා වොෂින්ටන් ඩී.සී. හි තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මහින්ද සමරසිංහ මහතා අතින් ඡායාරූප ප්‍රදර්ශනයට එක්වූ ඡායාරූප ශිල්පීන් සඳහා සිහිවටන පිරිනැමීමක්ද සිදුකෙරිණි.

දින 21ක් පුරා ඇමෙරිකාවේ පැවැති Beauty of Sri Lanka සාර්ථකව නිමා වේ

ඇමෙරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය ජයලත් පෙරේරා මහතා ප්‍රමුඛ සංගමයේ නිලධාරීන් හා ප්‍රදර්ශනයට ඡායාරූප ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ද මීට සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රකට සූර්ය බල සමාගමක් වන ADS Solar සහ DS Capital සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒ. දක්ෂිද සිල්වා මහතාද ප්‍රදර්ශනයට එක්ව සිටියහ.

ජගත්

advertistmentadvertistment
advertistmentadvertistment