කොල්කටා පෙරමුණට පැමිණේ

150

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවති තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 98ක ජයක් වාර්තා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේය.

ඔවුන් මේ වන විට තරග 11කට මුහුණ දී ඉන් තරග 8 ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 16 ක් ලබා පෙරමුණට පත් වී තිබෙන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 16 ක් ලබා සිටී.

එහෙත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දැන් ඉදිරියෙන් පසුවේ. පෙරේදා පැවති තරඟයේදී සුනිල් නරේන් පිත්තෙන් හා පන්දුවෙන් යළි සුවිශේෂී දක්ෂතා දැක්වූයේය.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 235 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි.

සුනිල් නරේන් පන්දු 39 කින් ලකුණු 81 ක් රැස්කළ අතර ඊට හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment