ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි

115

2024 – ජාතික වනජීවී ඡායාරූප ශිල්පියා සම්මානය මියුසියස් විද්‍යාලයේ සේසාදි වික්‍රමසිංහ

ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි
ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පළමුවරට සංවිධානය කළ ‘ජාතින වනජීවී ඡායාරූප සම්මාන උළෙල” සහ ප්‍රදර්ශනය ඉකුත් දා කොළඹ “සිනමන් ග්‍රෑන්ඩ්” හෝටලයේදී පැවැත්විණි.

ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි
ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි

මෙම තරගය සඳහා ඡායාරූප 2200ක් ඉදිරිපත්ව තිබූ අතර, අංශ 5ක් යටතේ ඉන් තෝරාගත් ඡායාරූප 70ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි

Animal Behavior, Animal Portraits, Natural Habitats, Urban Wildlife සහ Wild Flora යන අංශ පහක් සඳහා ජයග්‍රාහකයන් තෝරා තිළිණ ප්‍රදානය සිදු කෙරුණු අතර සමස්ත තරගයේ ජයග්‍රාහකයා එනම්, Winner of the National Wildlife Photography Awards – 2024 සම්මානය දිනාගනු ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ සේසාදි වික්‍රමසිංහ සිසුවිය විසින් වීම විශේෂත්වයකි.

ජාතික වනජීවී ඡායාරූප සම්මාන උළෙල හා ප්‍රදර්ශනය අවසන් වෙයි

සම්මාන උළෙල පසුගිය 4 වැනි සෙනසුරාදා පස්වරුවේදී පැවැති අතර ප්‍රදර්ශනය එදින පස්වරුවේ සිට ආරම්භ වී 6 වැනි සඳුදා රාත්‍රී 10 දක්වා පැවැත්විණි.

සමන්ත

advertistmentadvertistment
advertistmentadvertistment