කතුන් 2ක් මරා රු.40ක් හා ඉමිටේෂන් මාල 39 ක් ඉස්සූ නගර සභා කම්කරුවා දැලේ

808

මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට නගර සභා කම්කරුවකු මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සිය වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොමැති බැවින් රැකියාවට අමතරව වෙනත් කුලී වැඩක් කර මුදල් ඉපැයීමට මෙම නිවසට ගොස් ඇති බවත් පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා ඇත.

සැකකරු නිවසක තාප්පයෙන් ඉස්සී නිවස දෙස බලන අවස්ථාවේ එහි සිටි වියපත් කතුන් දෙදෙනකු “ඇයි බලන්නේ” කියා සැකකරුගෙන් විමසා ඇත.

රැකියාවක් සොයා පැමිණි බව ඔහු පැවසීමෙන් පසු සැකකරුට නිවසේ මිදුලට ඒමට මියගිය කාන්තාවන් ඉඩදී තිබේ.

නිවැසියන්ගේ දැනුම්දීම නිසා සැකකරු නිවසේ පීලි ශුද්ධ පවිත්‍ර කර ඇති අතර එම කටයුතු අවසන් කළ පසු ඔහු නිවස ඇතුළට රිංගා ගැනීමට උත්සාහ දරද්දී එක් කාන්තාවක් කෑගසා ඇත.

අගේ කෑගැසීම නතර කිරීමට සැකකරු ඒ අසල තිබූ අඹ අත්තක් ගෙන ඇයට පහර දී තිබේ. අනිත් කාන්තාව කෑගසද්දී සැකකරු ඇගේ ගෙල මිරිකා ඝාතනය කර ඇත.

සැකකරු ඉන් පසු එම නිවසේ තිබූ රුපියල් දහයේ (රු 10) නෝට්ටු හතරක් (රු. 40 ක්) සහ ඉමිටේෂන් ආභරණ සොරාගෙන නිවසෙන් පලාගොස් ඇත.

රුපියල් 40 ක් සහ ඉමිටේෂන් මාල වළලු නිසා ජීවිත දෙකක් අහිමි වී ඇති බව පවසන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.\

advertistmentadvertistment
advertistmentadvertistment