හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පස් කඳු කඩා වැටීමේ අවදානමක්

132

නුවරඑළිය – නාලක රත්නායක

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතී. අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර” වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.

අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට ගැටලු රැසක් මතු වී ඇති අතර” අධික වර්ෂාව එළවළු වගාවට සහ තේ වගාවට බලපෑම් එල්ල කරන බව ගොවීහු කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment