කායික සබඳතාවක් නැතිව ගැබ්ගත් දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කොළඹට

747

කායික සබඳතාවයක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා එම දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (25දා) පැවැසීය.

මේ පිළිබඳව හෙට්ටිපොළ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එන්. බණ්ඩාර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව පොලිසිය සහ අදාළ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු දැරිය ගැබ් ගැනීමට හේතු අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශනවලට භාජනය කිරීම සඳහා ඇය මෙසේ කොළඹට රැගෙන ගොස් ඇති බවය. මෙම විමර්ශන සිදු කිරීමට කලින් දැරියගෙන් වෛද්‍යවරුන් දීර්ඝ වශයෙන් කරුණු සටහන් කර ගැනීමටද නියමිත බව එච්. ඇන්. බණ්ඩාර මහතා පැවැසීය.

හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය කායික සබඳතාවයක් නොමැතිව මෙම ගැබ් ගැනීම සිදුවූ බවට පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශනවලදී හෙළිවී තිබුණි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment