බොරැල්ලේ ඝාතනයට සොත්ති උපාලිගේ පුත්‍රයා දැලේ

279

මෙරට පාතලයේ ප්‍රබලම නායකයකු වූ සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා විසින් බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලකුට ඊයේ (25 දා) අලුයම පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සොත්ති උපාලිගේ පුත්‍රයා සැකපිට බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ශාමි චමින්ද නොහොත් චමින්ද නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ අලුයම 3.00 ට පමණ බොරැල්ල කාසල් වීදිය, සරසවි පටුමගේ නිවසක නතරකර තිබූ යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු ඉන්ධන ඉවත් කරමින් සිට ඇත.

ඒ අවස්ථාවේ යතුරුපැදියේ හිමිකරු වන චමින්ද නමැත්තා (ඝාතනයට ලක් වූ පුද්ගලයා) එහි පැමිණ ඇත.

යතුරුපැදියේ හිමිකරු දුටු තරුණයන් දෙදෙනා පලාගොස් තිබිණි. ඒ වනවිට සොත්ති උපාලිගේ පුත්‍රයා ද එම ස්ථානයේ සිට ඇත. පලාගිය තරුණයන් දෙදෙනා සොත්ති උපාලිගේ පුත්‍රයාගේ මිතුරන් වන අතර යතුරුපැදි හිමිකරු ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබිණි.

ඒ අවස්ථාවේ සොත්ති උපාලිගේ පුත්‍රයා යතුරුපැදි හිමිකරුට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

බොරැල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට අධික ලෙස ඇබ්බැහි වූ අයෙකි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment