පාලකයෝ අපට බයේ ඡන්ද කල් දානවා

282

‘ගැහැණු එක මිටකට’ මාතර කාන්තා සමුළුවේදී ජාජබ නායක අනුර කුමාර දිසානායක කියයි

අද ප්‍රවෘත්තියක් විකාශනය වුණා භූමි කම්පනයක් හේතු කොට ගෙන ලංකාවට සුනාමි අවදානමක් කියලා නැවතත් මධ්‍යානය වන විට නැවත විකාශනය කරා සුනාමි අවදානම් තත්ත්වය බැහැර වුණා කියලා හැබැයි අද මාතරට නම් සුනාමියක් ආවා ඒ ගැහැණු සුනාමියක් හරිනි සහෝදරිය සමග අපි අවස්ථා කිහිපයකදීම මේ සමුළුව ගැන සාකච්ඡා කළා. අපට විශ්වාසය ගොඩනැගුවා. අපි මේ වැඩේ කරමු. අපි මේ වැඩේ මාතරින් පටන් ගමු කියලා. අපේ රටේ ජන මතයක් තිබුණා කාන්තාව හැරෙන්නේ කොහාටද එතන තමයි දිනන්නේ කියලා. ඉස්සර මතයක් තිබුණා ඡන්ද පොළට උදේම ගෑනු වැඩියෙන් එනවද නිකං මහින්ද දිනයි වගේ කියලා. හා කිව්වෙ නැද්ද? ඒගොල්ලොන්ට පුදුම හැකියාවක් තිබුණා ගැහැණු

රැවැට්ටවීමෙ හැකියාව යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ‘ ගැහැණු එක මිටකට’ මැයින් මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එම අවස්ථාවට ජාතික ජන බලවේගය ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන්, රංගන ශිල්පීන් ඇතුළු විවිධ වෘත්තික කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එම සමුළුව අමතමින් තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද පැවසීය.

මම පසුගියදා දැක්කා පොදු ප්‍රවාහන සේවයක බස්රියක දුම්රියක එද්දි කාන්තාවන් සියයට 74ක් බස්රියේදී හෝ දුම්රියේදී ලිංගික හිංසනයට ලක් වෙනවා කියලා. සියයට එක්කෙනෙක් හෝ මෙසේ ලක් වෙනවා. මේවා නතර කරන්න ඕනේ නැද්ද? ඕන 2023 ජනවාරි මාසය ආරම්භ වුණේ මැතිවරණ උණුසුමත් එක්ක. ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළා.මැතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පාලක පන්තිය දැක්ක අපේක්ෂා නොකළ බලවේගයක් අප වටා තිබෙන බව. පළාත් පාලන ජයග්‍රහණය පිළිබඳ අපට හොඳ විශ්වාසයක් තිබුණා. පාලකයෝ බය වුණා. ඒක නිසා ඡන්ද කල් දානවා. සමහර අය අහනවා ඡන්දයක් ගන්න බැරුව ආණ්ඩු හදන්නේ කොහොමද කියලා. රනිල් කොහොම හරි ගැටේ ගැහුව නේද ඡන්දෙ කල් දා ගත්තා නේද කියලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා

පසුගිය කාලය පුරාවට අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහ පාලනය විසින් අපේ ගෘහ පාලනය අවුල් කළා. මහ පාලනය වැට් ගහන කොට මහ පාලනය බදු ගහනකොට මහ පාලනය ලයිට් බිල වැඩි කරනකොට ඒ සියල්ල දරාගන්න වුණේ මේ කාන්තා සහෝදර සහෝදරියන්ට. මහින්ද රාජපක්ෂ මහ පාලනය අපේ ගෘහ පාලනය අවුල් කළා. මේ අයහපත් දේශපාල තත්ත්වයට මුහුණ දෙමින් තමයි මේ ඉදිරිය කාන්තා ශක්තිය මේ සංවිධාන ශක්තිය ඔයාලට ඇති වුණේ. ගැහැණු එක මිටකට කියලා දේශපාලන සංස්කෘතියක් මේ රටේ සංවිධානය වුණේ ගැහැණු එක මිටකට කිව්වට ජනවහරෙ කතාවක් තිබුණා ගැහැණුන්ගේ නුවණ හැඳිමිටේ කියලා.මම සාමාන්‍යයෙන්

රැස්වීම්වලට ගියාම මේක කියනවා. ලංකාවෙ ජනවහරි ගෑනුන්ගේ හැඳිමිටේ නුවණ කිව්වට ලංකාවේ සංස්කෘතියේ කිව්වට ලෝකෙ කොහෙවත් එහෙම කතා වෙන්නේ නෑ. හැබැයි ලංකාවේ සංස්කෘතිය මේ කාන්තාවන්ගේ ශක්තිය කුස්සියට සීමා කරලා. ගැහැනු හැඳිමිටකට සමාන කරලා තියෙනවා. ඇත්තටම වඩා සතුටුයි හරිනි සහෝදරිය ඔබතුමියගේ සටන් පාඨයට ගැහැනු එක මිටකට.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය

අද මාතරදී පවත්වන මේ කාන්තා සමුළුව ජාත්‍යන්තරව මේ ස්ත්‍රී දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් හැටියට අද මේ කාන්තා සමුළුව පවත්තපු දිනය එක් වන බව මට විශ්වාසයි. අමතක කරන්න එපා 2023 දෙසැම්බර් 30 මේක තමයි අපේ පරිවර්තන දිනය. අපි මේ ගමන ජයග්‍රහණයෙන් තොරව නිමා කරන්නේ නෑ. මේ රටේ කාන්තාවන් තීරණාත්මක මොහොතවල්වලදී එළියට බැහැලා තියෙනවා. ඒක අපේ ඉතිහාසයට එක් වෙන්නෙ නෑ. මොකද ගෑනු ගැන අපේ ඉතිහාසය ලියවෙනවා අඩුයි. නමුත් අපි බැලු‍වොත් ඉතිහාසය පුරාවට ශක්තිමත් ගැහැනු එළියට බැහැපු නිසා තමයි මේ සමාජ පෙරළිය ආරම්භ වුණේ.
සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment