දින දෙකක් පාසල් නොපැණීම නිසා තඩි පොල්ලකින් සිසුවකුට පහර දීලා!

437

බරපතල තුවාල ලැබූ සිසුවා රෝහලේ

දින දෙකක් පාසලට නොපැණීම නිසා තඩි පොල්ලකින් ගුරුවරයකු විසින් කිළිනොච්චියේ පාසල් සිසුවකුට පහරදීම නිසා එම සිසුවා බරපතල ලෙස තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

එස්. සෙල්වදන් නැමැති දහතුන් හවිරිදි පාසල් සිසුවාගේ පාපැදිය ඊට පෙර දිනයකදී පාසලේදී කවරකු හෝ සොරා ගෙන ඇති නිසා ඔහු දින දෙකක් පාසලට පැමිණ නැත.

මේ පිළිබඳ විමසමින් ගුරුවරයා විසින් සිසුවාට අමානුෂික අන්දමට පහර දීම නිසා සිසුවා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ දෙමව්පියන් කිළිනොච්චිය පොලිසියට, මානව හිමිකම් කාර්යාලයට සහ කිළිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාට සාධාරණයක් ඉටුකර දීම සඳහා කිළිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඉදිරිපත් වී සිටී.

ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ එම පාසල ඉදිරිපිටදී විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු සූදානම් කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment