අමරපුර උත්තරීතර මහ නාහිමියන්ට ජනපති අතින් අක්තපත‍්‍ර ප‍්‍රදානය කෙරේ….

84

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ (14 දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ජනාධිපතිවරයා මහ නාහිමියන්ට සන්නස් පත‍්‍රය පිළිගැන්වූ අතර අගමැතිවරයා උන්වහන්සේට විජිනි පත පිළිගැන්වීය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන, ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති අජිත ද සොයිසා සහ නියෝජ්‍ය සභාපති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු නාහිමියන්ට පිරිකර පූජා කළහ.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර නිකායේ සංශෝධිත විහාරස්ථාන නාමාවලිය දායක සභාවේ ලේකම් ආර්. ඒ. ඞී. සිරිසේන මහතා විසින් නාහිමියන්ට පිළිගැන්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment