තුන්කල් දුටු අපූර්ව මිනිසා

477

වංශකතා පාරෙන් එතෙරව කුවේණිගේ මාලිගාව සොයා….

රටක මතවාදය ගොඩනඟන්න ආණ්ඩුවට තරම්ම බලවත් හැකියාවක් මාධ්‍යයට තිබෙනවා. හැත්තෑ දෙකේදී ආණ්ඩුව කඩාදාපු මේ ඉතිහාස දැනුම නැවත ගොඩනඟන්න නම් මාධ්‍යකරුවා සතු වගකීම කුමක්ද? මෙන්න මේ සිතුවිල්ල සිතන්නට පටන් අරන් තමයි මා කල්පනා කළේ ජනකාන්ත වෙළෙඳ විද්‍යුත් මාධ්‍ය ප්‍රජාවට ඉතිහාස සංගායනාවක් අවශ්‍යයි කියා. ඒ අරමුණින් තමයි 2008 දී මහා සිංහලේ වංශකතාව විද්‍යුත් ටීකාව ඇරඹෙන්නේ.

උපුටා ගැනීම – දිවයින සිනමා කලා (2006-12-15)

මම ආපසු හැරුණෙමි. විල්පත්තු වනයේම ඇති පුරාවිද්‍යා කැණීම් පරිශ්‍ර හරහා මගේ ප්‍රාග් ඓතිහාසික සංචාරය ආරම්භ කළ යුතු යැයි මම තීරණය කළෙමි. ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් පුරාවිද්‍යා අධ්‍යයන අංශය, සබරගමුව විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය එකතුවී මේ වනවිට කැණීම් පර්යේෂණ පළගන්වා ඇත. ඒ අතුරින් විල්පත්තු වන රක්ෂිතය තුළ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් තිබිණි. විජය කුමරු ගොඩබට යැයි අප විසින් සැලකෙන කුදිරමලේ තුඩුව ද ප්‍රාග් පුරාවිද්‍යා කැණීම් පරිශ්‍රයක් ලෙස සටහන් කොට ඇත. නමුත් මේ කැණීම් වළවල් දැන් කිසිවක් සොයාගත නොහැකි වී තිබේ. ඉන් සොයාගත් පොසිල පමණක් කෞතුකාගාර තුළ ආරක්ෂිතව පවතියි. විජය රජු එන්නට පෙර කුදිරමලේ තුඩුවේ ද මානව ජනාවාස තිබූ බවට ඒ කැණීම් පර්යේෂණ සාක්ෂි දරයි.

කුදිරමලේ තුඩුවට අමතරව මෝදරගංආරු, මුරුච්චුකඩ්ඩි, විල්පත්තු, පොම්පරිප්පු සහ කලාඔය යන ප්‍රදේශ, ප්‍රාග් මානව කැණීම් පරිශ්‍ර දක්වන ලංකා සිතියමේ සලකුනු කර තිබේ. ඒ අතරින් මගේ සිත්ගත් ප්‍රදේශය පොම්පරිප්පුව යැයි මම විශ්වාස කරමි. මට මගේ කුඩා පන්තිවල සිටම මේ ප්‍රදේශ නාමය ඇසී තිබුණි. පොම්පරිප්පුවේ මේ රටේ අතීත මානවයන්ගේ සුසාන භූමියක් සොයාගෙන ඇති බව මම කුඩා කල සිටම දැනගෙන තිබුණා සේය. එය කවදා කවරක්හුගෙන් දැනගත්තේ දැයි මට මතක නැත. එහෙත් පොම්පරිප්පුව මගේ අතීත ශබ්දකෝෂයේ ජනප්‍රිය වචනයකි.

ඉදින් මා කුදිරමලේ තුඩුවට සමුදිය යුතුය. ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවසේදී පොරොන්දු දේශයේ සොලමන් රජුගේ රන්, රිදී වස්තු සහිත නෞකා පන්තිය නැංගුරම්ලූ. ක්‍රි. පූ. 6 වැනි සියවසේදී විජය සහිත සත්සියයක් ආර්යයන්ට තොටුපළ සැපයූ, ක්‍රි. ව. 1 වැනි සියවසේදී ඇනියෝස් ප්ලැකැමුෂ්ගේ උසස් නෞකාව අනගි පතඟි ලීයෙන් අලුත්වැඩියා කර දුන්, ක්‍රි. ව 5 වැනි සියවසේදී කොස්මෝස්ගේ ආඩම්බර රෝම කාසියට පඬුරු පාක්කුඩම් ලබාදුන් වයඹ වෙරළේ පොහොසත් ජාත්‍යන්තර වරායට මම ආචාර කරමි. නුඹ හිපොරොස් වේවා, හිප්පාරෝස් වේවා, කුදිරමලේ වේවා, මට නුඹ අශ්වකන්දයි. අනුරාධපුරයෙන්

නැඟෙනහිර දිශාවට අධිගෘහිත වූ අශ්වයාට වෙන්කළ ස්මාරක කන්දයි. කුදිරමලේ කන්ද මුදුනේ අනාගතයේ ඉදිවන භූගෝල විද්‍යාත්මක පර්යේෂණාගාරය නරඹන්නට මගේ දරු මුණුබුරන් සමගම යළිත් එන්නේමැයි සිතාගත් මම ආපසු හැරුණෙමි. මගේ මිත්‍ර ලුතිනන් කොමදෝරු ප්‍රසාද් හෙට්ටිආරච්චි මා එනතුරු වාහනයට වී බලා හිඳී. මම වහා ගොස් ඔහු ඉදිරිපිට සිටගත්තෙමි.

ජැක්සන් කළ මහා සංචාරය අලළා
2016 දිවයිනට ලියූ ලිපියෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment