ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 යි

290

ශාන්ත පීතර විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 100 ක් සපුරා ඇත. මේ වන විට විදුහල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිතුනු විද්‍යාලයක් බවට පත් වී ඇත. මේ පිළිබඳව එම විදුහලේ විදුහල්පති රෝහිත රුද්‍රිගෝ පියතුමා සමග ‘දිවයින දෙව් මැඳුරට’ කළ සාකච්ඡාවකි.

පාසලේ ඉතිහාසය ගැන සඳහන් කළොත්…

ශාන්ත පීතර විද්‍යාලයට වසර 100 යි

මේ පාසල පටන්ගෙන තියෙන්නේ 1922 වසරේ 2022 ට අවුරුදු 100 සමරනවා. Father රෙට්ට Maurice Le Goc oml තමයි මේ පාසල ළමුන් 200 කින් අද වන විට ළමයින් 4000 ක් පමණ ඉන්නවා. මම මේ පාසලේ දොළොස් වැනි රෙට්ට. දැනට සේවා කාලය අවුරුදු තුනක් වෙනවා. මේ පාසලේ දියුණුවට හේතුව ගුරුවරුන්ගේ කැපවීමත් මෙතෙක් කලක් හිටපු රෙට්ටර්ලාගේ කැප වීමත්ය. මම හිතන්නේ නැහැ වෙන කිසිම පාසලක මෙච්චර පහසුකම් තියනවා කියලා. සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතුවලට අමතරව අනෙක් ක්‍රීඩා කටයුතු සඳහා සොසයිටීස් ඔපචුනිටීස් තියෙනවා. විශේෂයෙන්ම කතෝලික ඉස්කෝලයක් හැටියට කාදිනල්තුමා අපට විශාල සහයෝගයක් දක්වනවා. A-9 ප්‍රතිඵලයක් ගන්න ළමුන් පිරිසක් නෙවෙයි මේ පාසලේ මූලික වගකීම වගේම බලාපොරොත්තුව දෙවියන් වහන්සේට ගරුත්වය ඇති දෙවියන් වහන්සේ තුළ යැපෙන තමුන්ගේ හෘද සාක්‍ෂියට අනුව ජීවත් වන යහපත් දරුවන් සමාජයට බිහි කිරීමයි මේ පාසලින් අපි බලාපොරොත්තු වෙන්නේ.

අධ්‍යාපන කටයුතුත් එක්ක මේ අවුරුද්දේ අවුරුදු 100 සමරනකොට Old Boys ලට ලිච්රීට් එකක් සංවිධානය කරා. ඊට අමතරව ගම්මැද්ද කියලා වැඩසටහන සංවිධානය කරනවා. ඒකට හැම ළමයකුගෙන්ම සල්ලි එකතු කරලා සහභාගි වන විදියට මේ වැඩසටහන අපි සංවිධානය කළා. ඉස්කෝලේ වැඩසටහනට අමතරව චැරටි ප්‍රෙජෙක්ට් එක සංවිධානය කළේ අපේ දරුවන්ට මේ පහසුකම් තිබුණට පසුකම් නැති ගොඩක් දුක්විඳින අයට උදව් උපකාර කරන්න.

ඔබතුමා පියතුමෙක් වීමට අඩිතාලම වැටුණේ කොහොමද?

පියතුමෙකු වීමට අඩිතාලම මුලින්ම ලැබුණේ පවුල් පසුබිම තුළිනුයි. මට දෙව්සත්හලට යන්න වුණේ මගේ යාලුවෙක් නිසා 1983 දී. එවකට මම අටවැනි පන්තියේ නමුත් එතනින් එහාට ජීවිතේ ඉදිරියට යන්න උදව් වුණේ අපේ පවුලේ පරිසරය. මගේ සහෝදරයෝ වගේම විශේෂයෙන්ම අම්මා, තාත්තා ඒ වගේ අපේ පාසල්වලින් ලැබුණු නැඹුරුව ගොඩක් ඉවහල් වුණා පූජකයෙක් වෙන්න.

ඔබතුමා ඉගෙනුම ලැබූ පාසල් මොනවද?

මගේ ප්‍රාථමික අධ්‍යාපනය කොන්සාලිස් කොලේජ් හෝමාගම. පස්වැනි පන්තිය වෙනකම් සාන්ත බෙනඩික් විද්‍යාලයට ගියා. 6 සහ 7 වසරවලට බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ඇතුළු වුණා. සාන්ත පීතර විද්‍යාලයට ඇතුළුවී විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා.

ඔබතුමා කරන සමාජ සේවයන් ගැන කීවොත්?

දෙවියන්ට කරන සේවය තමයි මම හිතන විදියට සමාජ සේවය කියන්නේ. දරුවෙක් ගත්තම හැම දරුවෙක්ම මේ ලෝකයට දෙවියන් වහන්සේගේ තෑග්ගක් කියලා අපි හිතන්නේ. හැම දරුවෙක්ම ලෝකයට එක හා සමානව වටිනවා. දරුවෝ විවිධාකාරයි. හොඳට ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. දඟලන දරුවෝ ඉන්නවා. මගේ ළමයකුට මම දඬුවමක් ලබා දෙන්නේ ඒ දරුවා යහමගට ගන්නට විතරයි. කිසිම දරුවෙක්ට දෙවියන් අයින් කරන්න බෑ. දෙවින් වහන්සේ මේ දරුවෝ වටින්නෙත් නැත්නම් මේ ලෝකෙට දරුවෝ දෙන්නෙත් නෑ.

බොහෝ දෙනෙක් මේ පාසලටම දරුවන් ඇතුළත් කරන්නට තෝරා ගැනීමට උත්සාහ කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද? මොකක්ද අනෙක් පාසල් අතරින් මෙහි ඇති විශේෂත්වය?

මේ පාසලේ විශේෂත්වය තමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම උගන්වනවා. කතෝලික බෞද්ධ හිංදු ධර්මය සහ ඉස්ලාම් ධර්මය යන ආගම් හතරම පළවැනි පන්තියේ ඉඳලම උගන්වනවා. ඒක අනෙක් පාසල්වලට වඩා විශේෂයක්. මුළු රටේ තියන සෑම සංස්කෘතියක්ම හැම ආගමක්ම හැම භාෂාවක්ම නියෝජනය වෙනවා මේ පාසලෙන්. ඒ මේ පාසලේ තියෙන විශේෂත්වයක්. මේ පාසලේ ඉගෙනුම ලැබූ ළමයින්ට සමාජයේ ජීවත් වෙන්න ඒක විශාල පිටිවහලක් වෙනවා. එය තමයි වර්තමානයේ රටට අවශ්‍යය වී තියෙන්නේ.

පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමානයේ සිදු කරගෙන යන විශේෂ වැඩපිළිවෙළ මොනවද?

විදුහල්පති හැටියට මම මුලින්ම හිතන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ කරගැනීමට පාසලේ බාහිර වටපිටාව ගොඩක් වැදගත්. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය භාහිර කටයුතු සඳහා අකර්ෂණීය පරිසරයක් සැකසීම තමයි ප්‍රධාන වෙන්නේ. බොහොම නිදහසේ පාසලට ආසාවෙන් පැමිණෙන්නට ඒ වාතාවරණය සූදානම් කර දීම දරුවන්ට විතරක් නොවේ ගුරුවරුන්ටත් ඒ මානසිකත්වය ගොඩක් වැදගත් වෙනවා. පාසල්වත්ත සුද්ද කරන එක්කෙනාගේ ඉඳලා මම හැම වෙලේම උත්සාහ කරන්නේ ඒගොල්ලන්ට ඒ අවශ්‍ය යහපත් පරිසරය සූදානම් කරලා දීමටයි.

සාකච්ඡා කළේ – සුජානි ඉන්දිකා

advertistmentadvertistment
advertistmentadvertistment