පොලිස් කාන්තාවන්ට අකාරුණික ලොකු මහත්වරු සාමාන්‍ය ජනතාවට මොනවා කරනවා ඇති ද?

113

රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ

“පොලිසියේ සේවය කරන කාන්තාවන්ට අකාරුණික විදිහට සලකන පොලිස් මහත්වරු සාමාන්‍ය ජනතාවට මොනවා නො කරනවා ඇත්ද?” යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
අදාළ පොලිස් නිලධාරියා කළ ඒ ශිෂ්ට සම්පන්න නොවන ක්‍රියාව තමා තරයේ හෙළා දකින බව ද ඇය කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

පොලිසියේ 9000ක් විතර අපේ කාන්තාවන් ඉන්නවා. තමන්ගේ දියණියව පොලිසියට එවන අම්මා කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පොලිසියේ උසස් නිලධාරියකුගෙන් ඔය වගේ අඩන්තේට්ටම් ලැබෙයි කියලා.

බලන්න පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට හරියට සලකනව ද? අපහාස කරන හැටි. බලන්න කියන කතා. වලිගෙ පාගන්න මිනිස්සු වගේ නේද සමහරු හැසිරෙන්නේ. සමහරුන්ට හොල්මන් පේනවා. ඒක ඒ ගොල්ලන්ගේ මානසික ප්‍රශ්නයක්. මට කරන්න දෙයක් නැහැ. නමුත් කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගන්න හැම කෙනෙක්ම. අපි කොහොමද නීති හදන්නේ. පාර්ලිමේන්තුවේදී මම අනෙකුත් සහෝදර මන්ත්‍රීවරියන් කතා කරද්දී බාධා එල්ල වෙලා තියෙනවා. ඒ නිසා කාන්තාවන්ට දිගින් දිගටම එල්ල වන හිංසනයන්ට එරෙහිව රටේ ම කාන්තාවන්හට සිදුවන හිංසනයන්ට එරෙහිව පෙළගැහෙමු කියලා සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment