තහඩුවට බත් පැකට් එකට ඡන්දය භාවිත කළ යුගය අවසන් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමා

59

පාරම්පරික දේශපාලන පක්‍ෂ වෙනුවට රටට ලැදියාවක් තිබෙන නව නායකයන් කණ්ඩායමකට සැවොම ක්‍රියා කළ යුතුව ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කතෝලික ජනමාධ්‍ය සේවා ආයතනය සංවිධානය කළ සිග්නිස් සිනමා සම්මාන උත්සවයේදී ප්‍රකාශ කළේය.

මෙම උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 26 දා (පෙරේදා) රාත්‍රියේ පැවැත්විණි. කාදිනල්තුමා මෙසේද පැවසීය.

මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්‍ෂ ප්‍රතික්‍ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟය. ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000 ට හෝ බත්මුලට, මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයන් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියා කළ යුතුයි.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment