කොක්කුතුඩුවායී සමූහ මිනීවළෙන් අලුත් ඇටසැකිලි 35ක් හමුවෙලා

55

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනීවළේ කැණීම් කටයුතු සඳහා අධිකරණ නියෝගයක් මත ස්කෑන් යන්ත්‍ර හා රේඩාර් පහසුකම් භාවිතයත් සමග ම අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 35ක් (26 දා) සොයා ගෙන තිබේ.

ඊට අමතරව තුවක්කු සඳහා භාවිත කළ හිස් කාට්රිජ් කීපයක් ජීව උණ්ඩ කීපයක් ද සොයාගෙන ඇති අතර අත්වල පලඳින අංක තහඩුවක් සහ අත් ඔරලෝසුවක් ද සොයා ගෙන තිබේ.

මේ අනුව මුලතිව් සමූහ මිනී වළෙන් සොයා ගන්නා ලද සමස්ත මිනිස් ඇටසැකිලි කොටස් ගණන 52ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොටි සාමාජිකාවන් විසින් භාවිත කරන ලද නිලඇඳුම්වලට සමාන නිල ඇඳුම් කොටස් මෙම සමූහ මිනී වළේ තිබී හමුවීම නිසා නියත වශයෙන්ම මෙම සමූහ මිනී වළ කොටි සාමාජිකයින් විසින් පවත්වා ගෙන යන ලද මිනී වළක් බවට සැක පහළ වී තිබේ.

කොටි සාමාජික සාමාජිකාවන් විවිධ වැරදිවලට හසු වූ විට ඔවුන්ට දැඩි දඬුවම් ලබ දී ඔවුන්ව ඝාතනය කිරීම යුද සමයේ දී කොටි නායකයින් විසින් සිදු කරන ලද බවට එකල තොරතුරු හෙළි විය.

කෙසේ වෙතත් මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු තව දුරටත් අඛණ්ඩව සිදු කෙරෙයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment