බැංකු බලපත්‍ර ගාස්තු ඉහළට

147

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා අයකරන වාර්ෂික බලපත්‍ර ගාස්තු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කර ඇත.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙන අතර එහිදී රු. බිලියන 25 කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රු. මිලියන 3.3 ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රු. මිලියන 3.5 ක් දක්වා වැඩි කර ඇත.

මේ අතර රු. බිලියන 2,000 ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රු. මිලියන 38 ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. මිලියන 40 ක් දක්වා ද ඉහළ නංවා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment