ජලාශ පිරිලා : දිය නාන්නේ ප්‍රවේශමෙන් – වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්

106

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තිබුණත් ජලාශවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමේ පවතින නිසා ජලාශවලින් දියනෑමේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වියළි කාලගුණික තත්ත්වයක් පැවැතියත් ජලාශවල ජලමට්ටම තවමත් සියයට 70,80,90 වැනි මට්ටමේ තිබෙන බවත් පැවසූ ඒ මහතා මහ කන්නයට අවශ්‍ය ජල ධාරිතාව ජලාශවල පවතින නිසා මහ කන්නයට ජලය මුදාහැරීමට කටයුතු කරන බවත් කීය.

මැදවච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මධ්‍ය ප්‍රමාණයේ වැව් කිහිපයක ජල ධාරිතාවේ අඩුවක් තිබුණද ලැබෙන වර්ෂාපතනයත් සමග එම ජලාශවල ජල මට්ටමද ඉහළ යනු ඇතැයිද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment