මනම්පිටිය මාරක බසයට බලපත්‍රයක් නෑලු

1131


පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසරය සහිත ධාවන බලපත්‍රයක් නොමැතිවය.
එහෙත් එම බස්රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අනුමත බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය යැයි එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා ‘දිවයින’ට පැවසීය.
බස් රථය පළාත් දෙකක් අතර ධාවනය කර ඇති අතර ඒ සඳහා පලාත් සභාවකින් පමණක් අවසරය ලබා තිබූ බවද කී සභාපතිවරයා, එය ප්‍රමාණවත් නොවන බවද කීය.

advertistmentadvertistment
advertistmentadvertistment