විස්සයි විස්සේ ශ්‍රී ලංකාවේ පළමු පුහුණුව නෙදර්ලන්තය සමග

201

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු පුහුණු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (23 වැනිදා) සහභාගි වේ.

නෙදර්ලන්තයට එරෙහිව ටොලරන්ස් ඕවල් පිටියේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග ඊයේ (21) අබුඩාබිහිදී ආරම්භ විණි.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මින් පෙර 2013 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් හමුවූ අතර, එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක් හිමි විය.

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment