Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

68

Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව රෙදිපිළි පෙළක් ‘Midnight by Charcoal’ හඳුන්වාදීමත් සමඟින් ගෝලීය සහ දේශීය විලාසිතා කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත.

ලොව වඩාත්ම නව්‍ය සහ තිරසාර රෙදිපිළි හදුන්වාදීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO මියුනිච් ‘Street Sports සඳහා වන හොඳම නවෝත්පාදන 10’ අතර ස්ථාන ගත වීමෙන් පසු SAT හි ‘MIDNIGHT’ පරාසය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත්තේය.

පසුගිය වසර තුළදී ISPO විසින් හේලීස් ෆැබ්රික් හි පරිසර හිතකාමී රෙදි වර්ණක අගය කරන ලද දෙවන අවස්ථාව මෙයයි.

‘Midnight’ නවෝත්පාදනය ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2022 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ව්‍යාපෘති තිරසාරත්ව සම්මානයද දිනා ගත්තේය.

“හේලීස් ෆැබ්රික් සහ South Asian Textiles සිය ‘Midnight by Charcoal’ එළිදැක්වීම සම්බන්ධයෙන් ඉහළින් ඇගයීමට ලක්විය.

මෙම පරිසර හිතකාමී නවෝත්පාදනයන් පෙළ හරහා රෙදිපිළි කර්මාන්තයට නිර්මාණාත්මක සහ තිරසාර විසඳුම් ලබාදෙයි. අපගේ අරමුණ වන්නේ අපගේ සෑම නිෂ්පාදනයක්ම පරිසරය සමඟ ඒකාබද්ධ කරමින් ගෝලීය විලාසිතා කර්මාන්තය පුරා නව පෙරළියක් ඇති කිරීමයි’ යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment