අපමණ කැපවීමෙන් හා ධෛර්යයෙන් – වනවාසී රාහුල හිමියෝ පණමෙන් නාමල් උයන රැකගන්නවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

201

ජාතික  නාමල් උයනේ  31 වැනි සැමරුම

මෙරට විශාලතම නා වනය හා දකුණු ආසියාවේ විශාලම රෝස තිරිවානා ක`දුවැටිය පිහිටි ජාතික නාමල් උයන ආරක්‍ෂා වී තිබෙන්නේ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මතයි. පරිසරයට ආදරය කරන සංවේදී හිමිනමක් වන උන්වහන්සේ පණමෙන් නාමල් උයන

රැුකගන්නා බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික නාමල් උයන 31 වන සැමරුමට හා ජාතික නාමල්උයන ජාත්‍යන්තර පාරිම්පරික සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව ස`දහන් කළේය.

ජාතික නාමල්උයන ආරක්‍ෂා කරමින් දිවි පරදුවට තබමින් කරන මහා පාරිසරික ජාතික මෙහෙවර වෙනුවෙන් වනවාසී රාහුල හිමිපාණන්ට අගමැතිවරයා විසින් මෙහිදී උපහාර පිරිනැමුණි.

ජාතික නාමල්උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමිපාණෝ විසින් මෙහිදී ජාතික නාමල්උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ ගෞරවණීය සාමාජිකත්වය අගමැතිවරයා වෙත පිරිනැමීමෙන් අනතුරුව අගමැතිවරයා විසින් ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ නව වෙබ් අඩවිය එළිදැක්වුණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා.

ශ‍්‍රී ලංකාවේ විශාලම නා වනය හා දකුණු ආසියාවේ විශාලම රෝස තිරුවානා කඳුවැටිය පිහිටලා තියෙන්නේ මේ ජාතික නාමල් උයනේ. එවැනි වටිනා උරුමයන් අපේ මව්බිමේ තියෙන එක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන.

අක්කර 2000 ක් පමණ විශාල මේ භූමිය තුළ කි‍්‍ර.පූ. 03 වන සියවසේ දේවානම්පියතිස්ස රජ සමයේ අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රාශියක් දකින්න පුළුවන්. ඒ වගේම 4 වන දප්පුල රජතුමාගේ කාලේ මේ නා උයන මිනිසුන් ස`දහා වෙන්වූ අභය භූමියක් බවට පත්කළ බව ටැම් ලිපියක ස`දහන් වෙනවා.

අපේ ජාතික වෘක්‍ෂය ලෙස නම් කළ නා ගසට අමතරව පක්‍ෂීන් වර්ග 18 ක් පමණ මෙන්ම ඖෂධීය ශාක 72 ක් පමණ මෙම උයනේ පිහිටා තිබීම විශේෂයක්.

මිහිකත අපට සම්පත් ලබාදී තියෙන්නේ මිනිසුන්ගේ වගේම සත්ත්වයින්ගේ පැවැත්ම වෙනුවෙන් බව කියන්න ඕනෙ. නමුත් මිනිසා තමන්ගේ දියුණුවත් එක්ක ඇළට දොළට, ගහට වැලට, සතා සීපාවාට කර ඇති හානිය සුළු පටු නැහැ. ඒ නිසාම ස්වභාවධර්මයද විටින් විට මිනිස්සුන්ට විවිධ තර්ජන හා බාධා එල්ල කරනවා. මේවායින් මිදෙන්න නම් ස්වභාවධර්මයට අප දැඩිසේ ආදරය කරලා පෝෂණය කරලා රැුකගන්න ඕනෑ. එසේ රැුකගත යුතු ඓතිහාසික පුරාවිiා සහ පාරිසරික වැදගත්කමක් තියෙන ජෛව විවිධත්වයෙන් යුතු ඉතා වැදගත් පාරිසරික කලාප අපේ රටේ තියෙනවා. ඒවා රැුකගැනීම ස`දහා කැපවෙලා ඉන්න පරිසරවේදියෙකුත් අපට ඉන්නවා. ඒ තමයි ගෞරවණීය වනවාසී රාහුල ස්වාමීන්වහන්සේ.

සංරක්‍ෂිත වනාන්තරයක් වන මෙම නාමල් උයන වනවාසී පූජ්‍ය අපේ රාහුල නාහිමියන්ගේ අපමණ කැපවීම හා ධෛර්ය මත ආරක්‍ෂවෙලා තියෙනවා. උන්වහන්සේ පරිසරයට ආදරය කරන හිමිනමක්, ඒ වාගේම උන්වහන්සේ හරිම සංවේදීයි. තමන්ගේ පණ රකිනවා වගෙයි උන්වහන්සේ මේ නාමල් උයනත් රෝස තිරුවානා නිධියත් ආරක්‍ෂා කරන්නේ.

උන්වහන්සේ වසර 31 කට වැඩි කාලයක් පුරා තම දිවි පරදුවට තියලා විවිධ අභියෝග තර්ජන මැද ඉටුකරන මේ ජාතික වගකීමට පරිසරයට ලැදි ලෝ වැසි සියලූ දෙනාගේ ගෞරවය හිමිවිය යුතුයි. උන්වහන්සේ මා සමඟ ඉතාම මිත‍්‍රශීලීව කටයුතු කරනවා.

ඒ නිසාම මම ජනාධිපති වෙලා ඉන්න කොටත් ඊට පෙරත් තුන් වතාවක් මේ පුණ්‍ය භූමියට ගිහිල්ල අපේ හාමුදුරුවො බැහැදැකලා තියෙනවා. ඒ වගේම මටත් අපේ දරුවන්ටත් නිරන්තරයෙන් අවවාද උපදෙස් ආශිර්වාද කරන බවත් මම ස`දහන් කරන්න ඕන.

අපේ හාමුදුරුවෝ කරන මේ ඓතිහාසික භාරධූර වගකීම අපේ උපන් නූපන් දරු පරපුර වෙනුවෙන් කරන යුතුකමක් ලෙසයි මම දකින්නේ. උන්වහන්සේ මෙම ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමෙන් කළේ ඉතා ආදර්ශ සම්පන්න කටයුත්තක්. එයින් නියම භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස තමන් සතු දෙයක් අන්සතු කිරීමක් උන්වහන්සේ සිදුකළේ.

ඒ වාගේම ජනාධිපති හරිත සම්මානයත් උන්වහන්සේට ලැබුණේ මේ ආදර්ශ සම්පන්න ක‍්‍රි‍්‍රයාව නිසා බව මම මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැතිි. රජයක් ලෙස භික්‍ෂූන් වහන්සේ නමකට මෙම ජනාධිපති හරිත සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව කියලයි මම හිතන්නේ.

ත්‍රෛනිකායික මහ සඟරුවනත් අපේ හාමුදුරුවන්ගේ කි‍්‍රයාව බොහෝ සේ ඇගයීමට ලක්කළා. පරිසර සංරක්‍ෂණවේදීන්ද විශාල පිරිසක් උන්වහන්සේට අවශ්‍ය සහය ලබාදෙන බව මම දන්නවා. ඒ අයගේ උපරිම සහයත් මෙය ආරක්‍ෂා කිරීමට ලැබීම සතුටට කරුණක්.

විශේෂයෙන් මේ ජාතික නාමල් උයන 31 වන සංවත්සරය සමරන අවස්ථාවේ රජය හැටියට අපි බැඳී සිටිනවා පරිසරය, ගහකොළ ඇතුළු සතා සීපාවා ආරක්‍ෂා කිරීමට.

ජනාධිපතිතුමාගේ පරිසර සංරක්‍ෂණ වැඩපිළිවෙළේද මෙය ස`දහන් කරුණක්. රාහුල හාමුදුරුවන් වසර 30 ට වැඩි කාලයක් කළ කැපවීම අතිශය අගය කළ යුතු බව මා ප‍්‍රකාශ කරන්න කැමැතියි. ඒ වාගේම කිසිම ලාභ අපේක්‍ෂාවක් නොමැතිව කටයුතු කරන උන්වහන්සේ සෘජුපටිපන්න ගුණයෙන් යුක්ත හිමිනමක්.

යමෙකුට යමක් කීමට ඇත්නම් එය නිර්භයව උන්වහන්සේ ප‍්‍රකාශ කරනවා. රජයක් ලෙස මෙහි සංවර්ධනය සඳහා යමක් සිදුවිය යුතුනම් එය අපි අනිවාර්යයෙන්ම ඉටුකිරීමට කි‍්‍රයාකරන බව මෙම මොහොතේ මා සිහිපත් කරන්නේ ඉතාම සතුටින්.

ඒ වගේම අපේ රට වෙනුවෙන් අපේ හාමුදුරුවන්ට තව විශාල සේවාවක් කිරීමට හැකි බව මා තරයේ විශ්වාස කරනවා. එම සේවාව ඉතා හොඳින් ඉටුකිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, නිදුක් නිරෝගීභාවයත්, දීර්ඝායුෂත් අපේ රාහුල හාමුදුරුවන්ට ලැබේවා! යි මම මෙත් සිතින් ප‍්‍රාර්ථනා කරනවා.

ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමිපාණෝ

රටේ ජනතාව අද ගොඩක් අමාරුවෙන් ජීවත්වන්නේ. ජනතාව මුහුණපා තිබෙන අපහසුතා සැලකිල්ලට ගෙන සර්වපාක්‍ෂික සමුළුවක් කැඳවන්නයි මා ජාතියේ නාමයෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එම සමුළුවට සියලූ ආගමික නායකයන් දේශපාලන නායකයන් කැ`දවා සාකච්ඡුා කර වැටී තිබෙන ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ජනාධිපතිතුමා පත් කරන ලද බෞද්ධ උපදේශක සභාවේදී ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න ගැන කතා කරනවාද?

මට දේශපාලන භේදයක් නැහැ. මම කෙලින් කතා කරන කෙනෙක්. 2018 දී ජාතික නාමල් උයනේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලට මා භාරදුන්නා. ඒ අවස්ථාවේ සිටියේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා. මේ වනවිට අරමුදලින් යම් දෙයක් කර තිබෙනවා.

සුළු අඩුපාඩුකම් තිබෙනවා. මේවා කිව යුතුයි. මේවා කියන්න මං බයකුත් නෑ කිව්වා කියලා මාව මාරු කරන්නද? මධ්‍යම සංස්කෘතික අරමුදලේ වත්මන් ලේකම්වරයා විෂය පථය දන්නවද කියා මා දන්නේ නෑ. කුඩම්මගේ සැලකිලි කරන්නේ දඹුල්ල, සීගිරියට ඇවිත් යනවා. නාමල් උයනට ගොඩවෙන්නේ නෑ. මොකද මම අඩුපාඩු කියනවානේ. මේවා කවුරුත් කියන්නේ නෑ. අපේ නිලධාරීන් ඔක්කොම කරන්නේ ඕකේ සර්, යර්ස් සර් කියන එකනේ. මම ඒක කරන්නේ නෑ.

අපේ රටේ ජාතික උරුමයන් සිංහල, බෞද්ධයන්ට විතරක් නොවෙයි. මේ රටේ වෙසෙන දෙමළ, මුස්ලිම් යන සෑම ජාතියකටම අයිති දේ කියන හැඟීම මුලින්ම ඇතිකළ යුතුයි. හමුදාවෙන් ගිහින් ඕවා ආරක්‍ෂා කළත් අවුරුදු පහෙන් ආණ්ඩු වෙනස් වුණාම මොකද වෙන්නේ.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රධාන මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. මහානායක හිමිපාණන්ගේ සුරතින් නව පාරිසරික සංවිධානයේ ජාත්‍යන්තර සංවිධායක හිමිවරුන් ලෙස ඉන්දියාවේ සුමේධ හිමි, කාම්බෝජයේ කස්සප හිමි, ඇඹිලිපිටියේ ගුණසිරි හිමි සංවිධායක ධුර ලැබූහ.

පාරිසරික සංවිධානයේ කි‍්‍රයාකාරී සාමාජිකත්වය ඇමැති නාමල් රාජපක්‍ෂ, යාවජීව සාමාජිකත්වය රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක, හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ට පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ සහ ජාතික නාමල් උයන සංරක්‍ෂණ හා සංවර්ධන භාරයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතාද කතා කළ අතර ජනාධිපතිවරයාගේ සුභාශිංසන පණිවුඩයද කියවීය.

අනුර බාලසූරිය, ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment