ජාතික ජනබලවේගය  සර්ව පාක්ෂික සමුළුවට යන්නේ නෑ – නායක අනුර කුමාර දිසානායක

171

ආණ්ඩුව විසින් කැඳවා ඇති ප්‍රෝඩාකාරී සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජනබලවේගය පක්ෂය සහභාගි නොවන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් දිය හැකි යැයි සිතමින් මනෝ රාජ්‍යයක ජීවත්වන, ජනතාවගේ ජීවිත පිළිබඳව කිසිදු සංවේදී බවක් නැති, ජනතාව විඳින දුක් ගැහැට හමුවේ ඒවා කිසිදු අයුරකින් මායිම් නොකර, සිය සෙල්ලක්කාර ජීවිතය ගෙවන ආණ්ඩුවකින් ජනතාවගේ වත්මන් ගැටලූවලට විසඳුම් ලබාගත හැකි යැයි සිතිය නොහැකි බව ඒ මහතා සඳහන් කරයි. එනිසා ආණ්ඩුව කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට පක්ෂය තීරණය කර ඇතැයි ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment