ණය බර උහුලගන්න බැරිව ගමගොඩ තිදරු පියෙක් දිවි නසාගනියි

567

ලබාගත් පොලී ණය ගෙවාගත නොහැකිව 43 හැවිරිදි තිදරු පියෙකු පෙරේදා (17දා) දහවල් තම නිවසේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර ගමගොඩ හොරදූවවත්තේ පදිංචිව සිටි සූරියආරච්චිගේ නදෝෂ් කුමාර ජයසිංහ නම්වූ අයෙකි.

මොහුට පුතුන් තිදෙනකු සිටින බවත් ඉන් දෙදෙනකු පාසල් සිසුන් බවත් බිරිඳ මෑතදී විදෙස් රැකියාවට ගොස් ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මොහු කළුතර නගරයේ රටකජු වෙළෙන්දකු ලෙස කටයුතු කර ඇති බවත් මොහුට ලැබී ඇති සුනාමි නිවසද ණය බර නිසා වෙනත් අයෙකුට විකුණා ඇති බවත් අනාවරණය වී ඇත.

මරණ පරීක්‍ෂණය ඊයේ (18දා) කළුතර නාගොඩ හදිසි මරණ පරීක්‍ෂක සුමිත් සිල්වා මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණි.

කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත සැරයන්වරුන් වන විජේලාල් (2592) හා සිල්වා (55318) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment