මහ වැස්සෙන් අඹතැන්නේ නිවසක් කඩා වැටෙයි

52

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග බොරලන්ද, රත්කරව්ව, අඹතැන්න ප්‍රදේශයේ නිවසක් ඉකුත් 02 දා කඩාවැටීම නිසා එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බොරලන්ද, රත්කරව්ව, අඹතැන්න ගම්මානයේ මෙම සිදුවීම සිදුව තිබේ.

මැටි ගඩොලෙන් සාදා තිබූ මෙම නිවස පවතින වැසි තත්ත්වය හේතුවෙන් කඩාවැටී ඇති අතර නිවැසියන්ට හානියක් සිදුව නොමැත. නිවස කඩා වැටීම හේතුවෙන් නිවසේ වූ ගෘහභාණ්ඩ ඇතුළු ගෘහ උපකරණවලටද හානි සිදුව තිබේ.

ප්‍රදේශවාසීන් විසින් මේ වනවිට නිවැසියන්ට සිටීමට නිවස ආසන්නයේ කුඩා මඩුවක් සකස් කර දී තිබේ.
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment