දඩුගමිඔය ඉවුරට ගොඩගැසූ සූට් කේසයක තිබූ මළසිරුර කූඨ රැකියා ඒජන්තයකුගේ

1891

සීදුව පොලිස් වසමේ කිදිගොඩ ප්‍රදේශයේ දඬුගම් ඔය ඉවුරට ඉකුත් 15 දින ගොඩගසා තිබූ නිල් පාට සුට් කේසයක දමා තිබූ තරමක් නරක්ව ගිය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුර මාරවිල ප්‍රදේශයේ පදිංචි කූඨ රැකියා ඒජන්තයකු ලෙස චෝදනා ලද අයකුගේ බව සීදුව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා රැකියා සඳහා විවිධ පුද්ගලයන් රට යවන බව පවසමින් විවිධ තරාතිරමේ පුද්ගලයින් රැසකගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති පුද්ගලයෙකු බවට චෝදනා ලබා ඇති අයෙකු බව විමර්ශන කටයුතු වලදී හෙළිවූ බව සීදුව පොලිසිය පවසයි. විවිධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පොලිස් ස්ථාන ගණනකට පැමිණිලි ලැබි ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෑත කාලයේ ඔහු රට රැකියා ලබා දෙන බව පවසා තමන් විසින් රවටන ලද පුද්ගලයින්ට බියෙන් තම පදිංචි ප්‍රදේශයෙන්ද පලා ගොස් සිටි පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

දඬුගම් ඔය ක`ිදිගොඩ පාලම යටට සූට් කේසයක බහා ගොඩා තිබූ මළ සිරුරේ හිස සහ තවත් තැන් වල පහර දීමකින් ලද බරපතළ තුවාල දක්නට ලැබුණ බවද පොලිසිය සඳහන් කරයි. වයස 35 ක් පමණ විය හැකි දිගු කොන්ඩයක් සහිත මිය ගොස් ඇති පුද්ගලයා දුඹුරු පැහැති කලිසමක් හා කලු‍ පැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි බව පොලිසිය කියයි.

පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මෙම සිද්ධිය පිළිබඳ බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න මහතාගේ අධික්ෂණයෙන් මීගමුව කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී පී. එම්. අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික් 03 ගාමිණි රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් සීදූව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජී.කුමාර, උප පොලිස් පරික්ෂක මදුසංක, පොලිස් කොස්තාපල් 371928 වන්නිනායක, පොලිස් කොස්තාපල් 27180 බණ්ඩාර, පොලිස් කොස්තාපල් 56302 රණසිංහ, අධිකරණ කටයුතු මෙහෙයවන පොලිස් කොස්තාපල 86069 රොෂාන් යන කණ්ඩායම විසින් පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටී.

කටුනායක ආනන්ද නිශ්ශංක, බී.ටී.කේ. ජාඇල

advertistmentadvertistment
advertistmentadvertistment