ත්‍රිරෝද රියැදුරු බියගන්වා යතුරුපැදියට තෙල් ඇද්ද එස් අයි සහ සාජන් රිමාන්ඩ්

436

ත්‍රිරෝද රියැදුරකු බියගන්වා ඔහුගේ රථයේ ටැංකියේ තිබූ පෙට්‍රල් ලීටර් තුන්කාලක් සිය යතුරුපැදියට ඇදගත් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කොට තිබේ.

අදාළ ත්‍රිරෝද රිය මාවතගමදී නතර කළ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පෙට්‍රල් තිබෙනවා දැයි ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. රථයේ සවිකර තිබූ ලීයෙන් තැනූ කුඩා ඇත්දළ නිර්මාණයත් දෙස බැලූ ඔවුන් උඹට විරුද්ධව නඩු දාන්නත් දඩ කොළයක් දෙන්නත් අපට පුළුවන් යැයි පවසා දෙදෙනා ඔවුන්ගේ යතුරුපැදියට ත්‍රිරෝද රියෙන් පෙට්‍රල් ලබාගෙන ඇත.

තමාට මුහුණ දීමට සිදුවූ අසාධාරණය ත්‍රිරෝද රියැදුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෙළි කිරීමෙන් පසු මාවතගම පොලිසිය පරීක්ෂණයක් පවත්වා සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment