දෙවියන් වහන්සේට කැපවීමෙන් අප ජීවත් විය යුතුයි – කාදිනල්තුමා කඩවතදී කියයි

42

අන්ද්‍රෙ අවිලීනු මුනිතුමා අප වැනි මනුෂ්‍යයෙකු යැයිද උන්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය තුළින් භාග්‍යවන්තයෙකු මෙන්ම ශුද්ධවන්තයෙකු බවට පත්වූයේ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, කඩවත ශාන්ත අන්ද්‍රෙ දෙව්මැඳුරේ පැවැති වාර්ෂික මහා මංගල්‍යයේදී දිව්‍යයාගය සිදුකරමින් පැවසීය.

උන්වහන්සේ පූජා සක්‍රමේන්තු පොත් පවා ලියූ බව සඳහන් කළ කාදිනල්තුමා ශුද්ධවන්තයන් පවා අපි වැනි මනුෂ්‍යයෝ යැයිද සඳහන් කළේය. කාදිනල්තුමා මෙසේද පැවසීය. අපි සමාජය තුළ ජීවත් වනවිට දෙවියන් වහන්සේගේ ගෞරවය රැකගෙන සමාජයේ උන්නතිය සඳහා කැපවීමෙන් ජීවත් විය යුතුය. අන්ද්‍රෙ අවිලීනු මුනිතුමා දෙවියන් වහන්සේට කැපවීමෙන් ජීවත් වුනා.

උන්වහන්සේ ගෙවූ ශුද්ධවන්ත ජීවිතය අපි ආදර්ශයට ගත යුතුයි. අපි දෙවියන්ගේ දරුවන් වශයෙන් සමාජයේ ජීවත් විය යුතුයි.

පාස්කු ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සාධාරණය යුක්තිය ඉල්ලා කාදිනල්තුමා සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළ අගය කරමින් මෙහිදී කඩවත කතෝලික සංගමයේ ලේකම්වරයා විසින් කාදිනල්තුමා වෙත පිරිනැමූ සිහිවටන තිළිණය උන්වහන්සේ ඒ මොහොතේම කඩවත දෙව්මැඳුරටම පිරිනැමීම සුවිශේෂී සිද්ධියක් විය. පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරය පිළිබඳව සඳහන් කළ කාදිනල්තුමා සාධාරණ යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරය හමුවට දැනුම් දීමට ක්‍රියාකරන බවද පැවසීය.මේ සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ සහය ලැබෙන බවද කාදිනල්තුමා කීවේය.

දෙවියන් වහන්සේට කැපවීමෙන් අප ජීවත් විය යුතුයි - කාදිනල්තුමා කඩවතදී කියයි

මෙම දේව මෙහෙයට සහභාගිවූ කාදිනල්තුමා පෙරහැරින් දෙව්මැඳුරට කැඳවාගෙන පැමිණි අතර ළමා තූර්ය වාදක කණ්ඩායමද මේ සඳහා දායකත්වය ලබා දුන්නේය.

දෙව්මැඳුර ඉදිරිපිට ඉදිකර තිබූ අලංකාර තොරණ පුරාම පොල්කටු යොදා තිබීම කැපී පෙනුණි.

ලයනල් පී. පෙරේරා

දෙවියන් වහන්සේට කැපවීමෙන් අප ජීවත් විය යුතුයි - කාදිනල්තුමා කඩවතදී කියයි
advertistmentadvertistment
advertistmentadvertistment