නුවරඑළියේ සැඟවී සිටි කුඩු ජාවාරමා අත්අඩංගුවට

68

විදේශගතව සැඟව සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කහනවිටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නම් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවේ සිට මෙහි පැමිණ නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ බිරිඳ සමග සැඟව සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පසුගිය කාලයේ ඉන්දියාවේ සැඟව සිට 2024 පෙබරවාරි 29 වැනිදා මෙරටට පැමිණ සිය දෙවන බිරිඳ සමග නුවරඑළිය ප්‍රදේශයේ සැඟව සිට ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීමේ විශේෂ මෙහෙයුම් යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර මහතාගේ මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්‍ෂක ගුණතිලක ඇතුළු නිලධාරී කණ්ඩායමක් ඊට අදාළ මෙහෙයුමට එක්ව තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment