ටයිටැනික් චිත්‍රපටයේ ලෑල්ලක් ඩොලර් හත් ලක්ෂයකට විකිණේ

373

සත්‍ය සිදුවීමක් පාදක කරගෙන 1997 වසරේදී තිරගත කළ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ හොලිවුඩ් සිනමා පටයක් වන ‘ටයිටැනික්’ චිත්‍රපටයේ ගිලෙමින් පවතින නෞකාවෙන් සිය පෙම්වතිය වූ රෝස් බේරාගෙන රැඳවීම සඳහා ජැක් විසින් යොදා ගත් දොරටුවක් වැනි ලෑල්ල වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් හත් ලක්ෂ දහඅටදහස් හත්සිය පනහක මුදලකට අලෙවි වී තිබේ.

මීටර් 2.4 ක් දිගැති හා මීටරයක් පළලැති මෙසේ වෙන්දේසි වූ ටයිටැනික් චිත්‍රපටයේ මුහුදේ පාවෙමින් තිබූ ලෑල්ල 1912 වසරේදී ගිළුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන්වලින් තැනූ ලෑල්ලක් බව ඉකුත් ඉරිදා පැවති වෙන්දේසියකදී එය අලෙවි කළ වෙන්දේසිකරුවෝ පවසා තිබේ. ඉකුත් ඉරිදා ඇමරිකාවේ හෝටල් ජාලයක් වන ප්ලැනට් හොලිවුඩ් ජාලයට අයත් ඇඳුම් හා භාණ්ඩ අලෙවි කිරීමේ වෙන්දේසියකදී අදාළ ලෑල්ල මෙසේ අලෙවි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment