දැල්පන්දුවෙන් ආසියාව හෙල්ලූ උඩරට කෙල්ල කතා කරයි

810

නෙට්බෝල්වලට මේ වගේ පිළිගැනීමක් කවදාවත් ලැබිල නැහැ
හැමෝම එකා වගේ මාත් එක්ක හිටියා

ඇය සහ ඇයගේ  කණ්ඩායම රටින් පිටත්ව යන මොහොතේ කිසිවකුත් විශාල බලාපොරොත්තුවක් ඇතිකරනොගන්න ඇති. මොකද අපේ රටේ ජාතික ක්‍රීඩාවටත් වඩා වැඩි තැනක් තියෙන ක්‍රිකට් ක්‍රීඩාව ගැන පමණක් බොහෝ දෙනාගේ දෑස් යොමුව තිබෙන නිසා. එහෙත් ජාත්‍යන්තරයේ අවධානය පවා ශ්‍රී ලංකාවේ දැල්පන්දුව දෙසට යොමුකරවන්නට ගයාංජලී අමරවංශ ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා හැකියාව ලැබුණ. ඒ ආසියානු දැල්පන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින්.

දැල්පන්දුවෙන් ආසියාව හෙල්ලූ උඩරට කෙල්ල කතා කරයි

‘අපි රටින් පිටවෙනකොට හිතාගත්ත කොහොම හරි කප් එක අපේ රටට ගේනව කියල. 2018 වසරේ අපි ලබපු ජයග්‍රහණයේ ගෞරවය පිට පිට දෙවැනි වතාවටත් රැකගැනීමේ අවශ්‍යතාව අපිට දැඩිව තිබුණ වගේම අපි හොඳ සහයෝගෙකින් හිටිය. එකම අරමුණයි තිබුණෙ” ඒ ජයග්‍රහණය පමණයි..

මේ ඇයගේ වචන.

දැල්පන්දුවෙන් ආසියාව හෙල්ලූ උඩරට කෙල්ල කතා කරයි

ජයග්‍රහණයේ උණුසුම සමරන මොහොතක අපේ එකම එක ඇමතුමකින් දිගු කතාවක් කියන්න තරම් ඇය නිහතමානී වුණා. මේ නායකත්වය නිසාම අද අපේ ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියාවේ දැල්පන්දු  රැජනියන් ලෙස කිරුළු පළඳා අවසන්.

මේ ගයාංජලීගේ කතාව…

මගේ ගම නුවර” කටුගස්තොට. පවුලේ ඉන්නෙ අම්මයි” තාත්තයි” අක්කයි” මමයි. මම පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විදුහලට. තුන් වැනි ශ්‍රේණියේ පටන් තමයි නෙට්බෝල් ක්‍රීඩාවට යොමු වුණේ. නමුත් මගේ ආරම්භය වෙන්නෙ මලල ක්‍රීඩා. මීටර සියය” දෙසීය සහ දුර පැනීම යන තරග වලින් ජයග්‍රහණ රැසක් ලබාගෙන

තියෙනව. මම නෙට්බෝල් ක්‍රීඩාවට යොමුවෙන්නෙ මගේ අක්කා නිසා. ඇය නෙට්බෝල් ක්‍රීඩිකාවක්. එයා තරග කරනව දැකල ඇති වුණ ආසාව නිසා තමයි මම නෙට්බෝල් ක්‍රීඩාවට යොමු වෙන්නෙ. අද ඇය ඉන්නෙ ඕස්ටේ්‍රලියාවෙ. අපේ තරගය බලන්නත් ආව. ඒක මට ලොකු ශක්තියක්.

මේ ලබපු ජයග්‍රහණය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද නෙට්බෝල් ක්‍රීඩාවට මේ වගේ පිළිගැනීමක්

කවදාවත් ලැබිල නැහැ. මේ පළමු වැනි වතාව. මෙතනදි විශේෂයෙන්ම ඩයලොග් ආයතනයට ස්තූති කරන්න ඕන අපි වෙනුවෙන් මෙවැනි ඉහළ පෙළේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම ගැන. මේ මගින් ලංකාව තුළ නෙට්බෝල් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් ඇතිවෙන්නත්” ප්‍රචලිත වෙන්නත් ලොකු අවස්ථාවක් ඇති වෙනව.

අපේ කණ්ඩායමේ සියලුම දෙනා එකා වගේ මාත් එක්ක හිටිය. ඒ එකමුතුකම” සමගිය නිසාම තමයි මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. මගේ පවුලේ අය හැමදාමත් මට ආශීර්වාද කළේ ජයග්‍රහණය කරන්න කියල. ඒ වගේම මගේ රටේ ජනතාවගෙත් පැතුම වුණේ අපේ ජයග්‍රහණය.

අපි රටින් පිටවෙනකොට හිතාගත්ත කොහොම හරි කප් එක අපේ රටට ගේනව කියල. 2018 වසරේ අපි ලබපු ජයග්‍රහණයේ ගෞරවය පිට පිට දෙවැනි වතාවටත් රැකගැනීමේ අවශ්‍යතාව අපිට දැඩිව තිබුණ වගේම අපි හොඳ සහයෝගෙකින් හිටිය. එකම අරමුණයි තිබුණෙ” ඒ ජයග්‍රහණය පමණයි.

අපි කිසිම රටක් සුළුකොට තැකුවෙ නැහැ. හැම රටක්ම අභියෝගයක් කියලයි හිතුවෙ. ඇත්තටම කිව්වොත් තරගාවලියට සහභාගි

වෙනකොට අපිට ලොකු පීඩනයක් තිබුණ. මොකද 2018 වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන තරගාවලියේ ශූරියන් වුණෙත් අපි. ඒ නිසා අපේ තැන” අපේ ගෞරවය රැකගැනීමේ ලොකු වගකීමක් අපිට තිබුණ. කණ්ඩායමේ උපනායිකා දුලංගි වන්නිතිලක වගේම නායිකාවන් හැටියට කටයුතු කළ හතර දෙනෙක් හිටිය. ඒ ගයානි දිසානායක” චතුරංගි ජයසූරිය” තර්ජනී ශිවලිංගම් සහ සෙමිනි අල්විස්. මේ හතරදෙනාගේ අත්දැකීම් සහ ඒ අය දුන්න සහයෝගයත් එක්ක කණ්ඩායම ම එකා වගේ එකතුවෙලා අපිට තිබුණ පීඩනය අවම කරගෙන තරගය ජයග්‍රහණය කළා.

ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නෙ දෙදහස් විසි තුන වසරෙ. ඒකට අනිවාර්යයෙන්ම අපිට හොඳ පුහුණුවීමක් වගේම හොඳ සැලසුමක් අවශ්‍යයි. මං හිතන්නෙ දැල්පන්දු සම්මේලනය මේ වන විටත් තීරණය කරල තියෙනව මොනවද අවශ්‍ය සැලසුම් කියල. ඒ අනුව අපි ක්‍රීඩිකාවන් විදිහට අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න අපි සූදානමින් ඉන්නව.

අපි මේ ජයග්‍රහණය ලැබුවට පස්සෙ අපේ ක්‍රිකට් කණ්ඩායමත් ජයග්‍රහණය කරනව. නමුත් අපිට ඒ ආරංචිය අහන්න විතරයි ලැබුණෙ. තරගය නරඹන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. කණ්ඩායම් දෙකේම ජයග්‍රහණය සමග එකටම උපන් බිමට එන්න ලැබුණ එක ගැන ලොකු ආඩම්බරයක් වගේම ලොකු සතුටක් තියෙනව.

අපේ ජයග්‍රහණය සංචාරක අතින් පවා ගොඩක් වැදගත් වෙනව. මොකද ආසියාවම එක තැනකට ආව තරග කරන්න. ඒ හැමෝම අපේ රටේ වාතාවරණය ගැන දන්නව. මේ තරම් බාධක මැද අපි ලබපු ජයග්‍රහණය ගැන ඔවුන්ගෙන් පවා ලොකු අගැයීමක් ලැබුණ. දුෂ්කර කාලෙක එකවර ජයග්‍රහණ දෙකක් ලැබීම ගැන අපිට දැනුණ දේම අපේ රටේ ජනතාවටත් දැනෙන්න ඇති.

අපේ ලොකුම බලාපොරොත්තුව වුණේ තර්ජනී ශිවලිංගම්. ඇය අපිට වගේම අපේ රටට වටිනාම වස්තුවක්. අපි ලංකාවෙන් පිටත් වෙන දවසෙම ඇයත් ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වෙලා සිංගප්පූරුවට ආව. මොකද ඇය ඔස්ටේ්‍රලියාවේ ක්‍රීඩා සමාජ තරග වලට සහභාගි වෙලා හිටියෙ. අපි යන දවසෙම තමයි ඒ තරග අවසන් කරල ඇය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ආවෙ. එදා ඉඳන් අපි එකටම තමයි හිටියෙ. මේ අවස්ථාවේ තර්ජනීගෙන් කණ්ඩායමට ලැබුණ සහයෝගය කියල නිම කරන්න බැහැ.

මම අදටත් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරග වලට වගේම නෙට්බෝල් තරගවලටත් සහභාගි වෙනව. ලංකාවේ කාන්තාවන්ට තියෙන ජනප්‍රියම ක්‍රීඩාව වෙන්නෙ නෙට් බෝල්. ලොකුවට පිළිගැනීමක් නැති වුණත් ක්‍රිකට්වලට පස්සෙ ලෝක කුසලානයකට කණ්ඩායමක් විදිහට යන එකම ක්‍රීඩාව වෙන්නෙත් නෙට්බෝල්. ගොඩක් දියුණු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. හැකියාවක් තියෙන අයගෙන් ආදරයෙන් ඉල්ලනව මේ ක්‍රීඩාව දියුණු කරන් හැකි අයුරින් අත දෙන්න කියල.

ඒ වගේම නෙට්බෝල් කියන්නෙ කණ්ඩායම් හැඟීම උපරිමව තිබිය යුතු ක්‍රීඩාවක්. ඒකෙන් අනෙක් අය ගැන ගොඩක් හිතන්න පුරුදු වෙනව. මොනම වෙලාවකවත් අතහරින්න හොඳ නැහැ. මොකද කවුරුවත් ජාතික මට්ටමට එකවරම එන්නෙ නැහැනෙ. ස්වයං විනය වගේම කැපවීමත් උපරිමව තියෙන්න ඕන. මේ දේවල් තියෙනව නම් ජාතික මට්ටම දක්වා ක්‍රීඩා කරල ජයග්‍රහණය ලබන්න පුළුවන්.

මම සේවය කරන හැටන් නැෂනල් බැංකුව මේ මොහොතේ මතක් කරන්නම ඕන. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතර දෙනෙක්ම සේවය කරන්නෙ හැටන් නැෂනල් බැංකුවේ. කණ්ඩායමට නොයෙක් අයුරින් අනුග්‍රහය දක්වන ගමන්” රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න මාස ගණනාවක් රාජකාරී නිවාඩු ලබාදීල අපිව නිදහස් කළේ නැත්නම් අද අපිට මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ.

මහේෂ් එදිරිසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment