කන්නගී අම්මාන් කෝවිලේ තීර්ථ මංගල්‍යයේදී දේවතාවියන්ට පූජාකළ සාරිය ලක්ෂ 16කට විකිණිලා

246

යාපනයේ පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකදී වල්ලි හා දේවානෙයි යන දේවතාවියන්ට පූජා කළ සාමාන්‍ය සාරියක් එදින සිදු කළ වෙන්දේසියකදී රුපියල් ලක්ෂ 16කට එක් බැතිමතෙකු විසින් පෙරේදා (23 දා) මිලට ගෙන තිබේ. එම කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තීර්ථ මංගල්ලයේදී සරමක් හා සාරියක් දෙවියන් හා දේවතාවියන් උදෙසා පූජා කිරීම සාම්ප්‍රදායික සිරිතක් වී තිබේ.

තීර්ථ මංගල්ලයෙන් පසුව එම සරම හා සාරිය බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කරන අතර එහිදී වෙළෙඳපලෙන් රුපියල් 5600කට මිලට ගෙන තිබූ සාරිය රුපියල් ලක්ෂ 16 කට බැතිමතෙකු විසින් මිලට ගෙන තිබේ. දෙවියන්ට පූජා කළ සරම වෙන්දේසියේදී අලෙවි වී ඇත්තේ රුපියල් 23000 කටය. තීර්ථ මංගල්ලයේදී කෝවිල අසල වූ මුහුදෙන් ස්නානය කොට විශේෂ දේව මෙහෙයට සහභාගි වන්නේ පුරා දින හතක් මුළුල්ලේ පැවැත්වෙන අවශේෂ පූජාවලින් පසුව හත්වන දිනයේදී පැවැත්වෙන විශේෂ පූජාවටය. මෙවර පුංගුඩුතීව් කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික තීර්ථ මංගල්ලය සඳහා බැතිමතුන් තුන් දහසක් පමණ සහභාගී වී සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment