බූස්සේ ඉන්දියානු රැඳවියා ඖෂධ සංයෝජකට ගහලා

46

මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ බූස්සේ අධි ආරක්‍ෂිත බන්ධනාගාර රෝහලේ රඳවා සිටින ඉන්දියන් ජාතික රැඳවියකු විසින් ඖෂධ සංයෝජකයකුට පහරදීම නිසා එම ඖෂධ සංයෝජකයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට පෙරේදා (03 දා) රාත්‍රී ඇතුළත් කර ඇත.

පහර කෑමට ලක්වූ ඖෂධ සංයෝජකයාගේ මුහුණට ප්‍රහාරය එල්ල කර ඇති අතර එහිදී එම සංයෝජකයා බිම වැටී දැඩි කම්පනයට පත්වූ නිසා ඔහු රෝහල් ගතකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයකු යොදවා විමර්ශනයක් සිදුකරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය.

චමින්ද සිල්වා, අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment