කතරගම යන්න ගිය වන්දනා නඩයකට වන අලියෙක් පහර දීලා

269

කතරගම බුත්තල මර්ගයේ දී යමින් සිටි වන්දනා නඩයක් රැගත් බස් රථයකට වනඅලියකු පහර දී තිබේ. 22දා සවස 2.30 පමණ කතරගම කිරින්ද මාර්ගයේ ඔස්සේ කතරගම යමින් සිටි වන්දනා නඩයක් රැගත් බස් රථයකට බුත්තලට පිවිසුම ආසන්නයේ දී මාර්ගය ආසන්නයේ සිටි වනඅලියකු කළ පහරදීමකින් බස් රථයට හානි සිදු කර ඇතැයි එහි බසයේ රියැදුරු පවසයි.

බස් රථයේ තිබූ පලතුරු ඇතුළු ආහාර කෑම සඳහා මෙලෙස බස් රථයට පහර දී වසා දමා තිබූ බසයේ දොර සහ පැති කන්නාඩිය කඩා දමා ඇති අතර ජීවිත හනි කිසිවක් සිදුව නොමැත.

වනඅලියා දොර කඩා දමා රථය තුළ තිබූ ආහාර කා දමන අයුරු එහි සිටි මගියකු විසින් සිය ජංගම දුරකතථයක පටිගත කරගෙන තිබේ.

ගලෙන්බිඳුණු වැව චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment