මහ රෑ පෙම්වතා සමග පැනගිය පෙම්වතිය තමා බේරාගන්නැයි මවට එස්.එම්.එස්. ගහලා

920

අවුරුදු 15ක් වයසැති දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම දැරිය ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඉකුත් 14 වෙනිදා රාත්‍රී ඇය මව සමඟ නින්දට ගොස් ඇති අතර රාත්‍රී 12ට පමණ නිවස ඉදිරිපිටින් යතුරුපැදියක් පණගන්වන ශබ්දයක් ඇසී මව අවදිවී බලන විට දියණිය නිවසේ සිට නැත.

පසුදින දියණිය විසින් පෙම්වතාගේ නිවසේ ඇයට සිටින්නට නොහැකි බව පවසමින් එස්.එම්.එස් පණිවිඩයක් යවා ඇත. ඒ පිළිබඳව මව විසින් කරාඬුගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ නිවසක සිටි දැරිය පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු නිවසෙන්

පළාගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවරගෙන ඇත. කරාඬුගල සහ ඉඟිනියාගල පොලිස් ස්ථාන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment