මහර බන්ධනාගාරයේ මරණවලට වගකිවයුත්තන් අල්ලන්නට

192

සීඅයිඩීයට බල කරන්නරැඳවියකුගේ බිරිඳ අභියාචනාධිකරණයට යයි

මහර බන්ධනාගාරය තුළදී 2020 නොවැම්බර් 29 වැනිදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී රැඳවියන් 11 දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමට වගකිවයුතු බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා හා පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට බලකරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ප්‍රහාරයෙන් මියගිය රැඳවියකුගේ බිරිඳක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළාය.

එදින බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශවල හැසිරීම් රටාව අනුව නොසන්සුන්කාරී තත්ත්වයක් මැඬපැවැත්වීමට ඔබ්බෙන් ගිය අපරාධ ක්‍රියාදාමයක් සිදුවී ඇති බවට දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව තීරණය කළ වත්තල මහෙස්ත්‍රාත් ධම්මික උඩුවිදාන මහතා එම අපරාධවලට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගිය අප්‍රේල් 26 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබූ බව පෙත්සම්කාරිය එමගින් අධිකරණයට කියා තිබිණි.

මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කොට තිබියදීත් එම අපරාධවලට සම්බන්ධ කිසිවකුත් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇති බවත් එමගින් සිය සැමියා ඇතුළු පිරිසගේ ඝාතනවලට සම්බන්ධ නිලධාරීන්ට තවදුරටත් නිදහසේ සිටීමට ඉඩ දීමෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ රාජකාරිය පැහැර හැර ඇති බවත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට කියා තිබිණි.

තම නිලධාරීන් කටයුතු කර ඇත්තේ පැවරී ඇති බලතල අනුව අවම බලය පාවිච්චි කිරීමක් බවට බන්ධනාගාර නිලධාරීන් සාක්‍ෂි ලබාදී තිබූ නමුත් එම මරණ සියල්ලටම හේතු වී ඇත්තේ මියගිය අයගේ උදරවලට ඉහළින් එල්ලවූ වෙඩි ප්‍රහාර නිසා බව වෛiවාර්තා අනුව සනාථ වී තිබූ හෙයින් එය අවම බලය පාවිච්චි කිරීමක් නොවන බවටත් එමගින් බලවත් අපරාධ දාමයක් සිදුවී ඇති බවටත් තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කොට ඇතැයි ද පෙත්සම්කාරිය එමගින් අධිකරණයට වැඩිදුරටත් කියා තිබිණි.

එම වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා මියගිය 29 හැවිරිදි සම්පත් පුෂ්පකුමාර නමැත්තාගේ බිරිඳ වන එම්. ජී. ලසන්ති නමැත්තිය නීතිඥ සේනක පෙරේරා මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා නම්කර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment