උ/පෙළ නිමවන තෙක් විදුලි කපනවාද නැද්ද නියෝගය හෙට

42

අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට බල කරන අතුරු තහනම් නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කරන්නේ ද නැතිද යන නියෝගය හෙට (10දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (08 දා) තීරණය කළේය.

මහජන උපයෝගිතා කොමිසම විසින් තම අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදින නිකුත් කිරීමට සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල තීරණය කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ කිසිදු ආකාරයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට තම කොමිෂන් සභාව විසින් නිර්දේශ කොට ඒ සඳහා අනුමැතිය ලබාදී තිබියදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරන ලද විදුලි කප්පාදුවට එරෙහිව මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම රිට් ආඥා පෙත්සම ගොනුකර තිබිණි

පෙත්සම්කාර මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා මෙන්ම නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතාත් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment